• Home
  • Relationship Advices
  • වයසින් වැඩි වෙද්දි ආදරේ අඩු වෙන්නේ ඇයි?
ආදරේ අඩු වෙන්නේ ඇයි - තරුණ යුවළක් සතුටින් සිනාසෙද්දී, වයස්ගත යුවළක් බංකුවක නිහඬව වාඩි වී සිටින ආකාරය

වයසින් වැඩි වෙද්දි ආදරේ අඩු වෙන්නේ ඇයි?

ආදරේ කියන්නෙම පටන් ගද්දි වගේම ඉවර වෙනකන්ම ඉවර නොවී තියෙන්න ඕනෙ දෙයක්. හැබැයි ඒක වෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද ගොඩක් ආදර කතා වල පටන් ගද්දි තියන ආදරේ ඉවර වෙද්දි නෑ. මුලදි තිබ්බ ආදරේ ටික ටික අඩු වෙලා යනවා. 

ආදරේ අඩු වෙන්නේ ඇයි?

මුලදී දෙන්නෙක් විවාහ වෙද්දී, ඒ දෙන්නගේ ලෝකේ ඒ දෙන්නා විතරයි, ඉතින් ඒක හරි ලස්සන පුංචි ලෝකයක්. නමුත් හිමිට හිමිට කාලය ගෙවෙද්දි ඒ පුංචි ලෝකෙට තව තව අය එකතු වෙලා ඒ කියන්නේ දරුවෝ, ඒ පුංචි ලෝකේ ටික ටික වගකීම් වලින් පිරුණු පවුලක් වෙනවා. එහෙම වුනාම වගකීම් වැඩි වෙනවා, පවුලේ බර ටික ටික වැඩි වෙනවා. ඒ දේවල් එක්ක කාර්‍යබහුල වෙද්දි අර මුල් කාලේ තිබ්බ ආදරේ අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ දේ එහෙම වෙන එක අපේ තියන අතපසුවීමක් සහ ඒකට හේතු තියෙන්න පුළුවන්, හැබැයි ඒ හේතුත් අපි හිතාමතාම අපේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න හදා ගන්න හේතු. 

ආදරේ අඩු වෙන්න අපිම හේතු වෙන හැටි

ඉතින් ඒ මුල් කාලේ තිබ්බ ආදරේ ඒ විදියටම තියා ගන්න එක, සහ ඒක රැක ගන්න එක අපිමයි කරන්න ඕනේ. ඒකට ලොකු දේවල් කරන්න ඕනි වෙන්නේ නෑ. පොඩි පොඩි දේවල් වලින් අපිට ඒ ආදරේ රැක ගන්න පුළුවන්.

ආදරය රැක ගන්න පුළුවන් පොඩි පොඩි දේවල්

වයසට ගියත් ආදරේ වෙනස් වෙන්න දෙන්න එපා

ඉතින් වයසට යද්දි ඉස්සර තිබ්බ ආදරේ අඩු වෙනවා කියන්නෙම අපි හිතින් හදා ගත්ත දෙයක්, හැබැයි මේ දේ හැමෝටම පොදු නෑ. ඒ කියන්නේ සමහර අයගේ ආදර කතා මුල් කාලේ වගේම හරිම ලස්සනට ගලාගෙන යනවා. එයාලා වයසට ගියත් එයාලාගේ ආදරේ වයසට යන්නේ නෑ. 

අපි වයසට යද්දි අපේ පෙනුම වෙනස් වෙනවා, සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා වගේ විවිධ දේවල් වෙන්න පුළුවන්. අපේ සහකරු/සහකාරියගෙත් එහෙමයි. හැබැයි ඒ ඉන්නේ අපි තරුණ කාලේ ආදරෙන් බැඳෙන කෙනාමයි. ඉතින් මොන දේ වෙනස් වුනත් ඒ ආදරේ වෙනස් වෙන්න දෙන්න හොඳ නෑ. 

ඉතින් ඔයාලත් වයසින් වැඩි වෙද්දි, ඔයාලාගේ ආදරේ අඩු වෙන්න නොදී රැක ගන්න. එතකොට ජිවීතේ හරි ලස්සනට ගලගෙන යයි. 

ඉතින් ඔයාලත් වයසින් වැඩි වෙද්දි, ඔයාලාගේ ආදරේ අඩු වෙන්න නොදී රැක ගන්න. එතකොට ජිවීතේ හරි ලස්සනට ගලගෙන යයි.
ඔයත් ඒ වගේ වයසට යද්දී අඩුවෙන්නේ නැති ආදරේකට ආසාවෙන් හිටියත් ඔයාට හරියන කෙනෙක් තාම හම්බුනේ නැද්ද? ඔයාට ගැලපෙන කෙනෙක් හොයන ගමන්ද ඉන්නේ, එහෙනම් ඔයා මේ ඇවිල්ලා ඉන්න හරිම තැනට,මොකද poruwa.lk කියන්නේ ඔයාට හරියනම් කෙනාව හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් සේවාවක්,ඉතින් ඔයා මේ ඉන්නේ poruwa.lk එකේ blog පිටුවේ. ඔයාට කරන්න තියෙන්නේ අපේ https://www.poruwa.lk/ කියන link එක click කරලා අපේ සේවාවට register වෙන්න විතරයි. ඊට පස්සේ ඔයාට ගැලපෙනම කෙනාව හොයා ගන්න එක හරිම ලේසි දෙයක්.

Related Posts

දුවෙක් මනාලියක් වෙන දවසේ අම්මෙක්ට දැනෙන දේ

දුවෙක් මනාලියක් වෙන දවසේ අම්මෙක්ට දැනෙන දේ

දුවෙක් කියන්නනෙම වත්තක පිපෙන හැබැයි ඒ වත්තේ අයිතිවාසිකම් කියන්න බැරි මලක්. හැබැයි ඒ මල තමයි ඒ ගෙදර තියන…

ByByPraboda Sandeepani Nov 23, 2026
Wife is speding a quality time with her husband in a happy face

තමන්ට තමන්ගේ ජීවිතේ ඉන්න හොඳම යාලූවා තමන්ගේ husband/wife උනොත් ඒක කොච්චර හොඳ දෙයක් වෙයිද?

අපි හැමෝටම අපේ ජීවිතේ හොඳම යාලුවෙක් ඉන්නම ඕනේ: මහන්සි දැනුන වෙලාවට පොඩ්ඩක් උරහිසට බර වෙලා ඉන්න, එයා ලඟ…

ByByPraboda Sandeepani Nov 23, 2026
Smiling couple walking hand in hand along a cliff path, a vivaha yojana in Sri Lanka

Protect yourself in your relationship: What to look for in a life partner

Take a moment to think about these questions. If you are in a relationship, or starting a vivaha…

ByByPraboda Sandeepani Nov 17, 2026
Distressed woman hugging her knees while a man argues behind her, with icons showing eight types of domestic violence

8 types of domestic violence in marriage and how to recognise them

The types of domestic violence in marriage are not always easy to see. Marriage should be a place…

ByByPraboda Sandeepani Nov 17, 2026
Scroll to Top