• Home
  • Other
  • තමන්ට තමන්ගේ ජීවිතේ ඉන්න හොඳම යාලූවා තමන්ගේ husband/wife උනොත් ඒක කොච්චර හොඳ දෙයක් වෙයිද?
Wife is speding a quality time with her husband in a happy face

තමන්ට තමන්ගේ ජීවිතේ ඉන්න හොඳම යාලූවා තමන්ගේ husband/wife උනොත් ඒක කොච්චර හොඳ දෙයක් වෙයිද?

අපි හැමෝටම අපේ ජීවිතේ හොඳම යාලුවෙක් ඉන්නම ඕනේ: මහන්සි දැනුන වෙලාවට පොඩ්ඩක් උරහිසට බර වෙලා ඉන්න, එයා ලඟ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නැතත් ඒ ප්‍රශ්නෙ අහගෙන ඉන්න, ඔයාට ඔයාවම එපා වෙලා ඉද්දි එයාට ඔයාව ඕනේ කියලා කියන්න, දුක හිතුන වෙලාවට ඒ දුක බෙදා ගන්න වගේ නොයෙකුත් දේවල් වලදි අපිට හොඳම යාලුවෙක් කියන්නෙම දිව්‍යමය ඖෂධයක් වගේ. ඉතින් ඔයාටත් සමහරවිට එහෙම කෙනෙක් ඇති, නැත්තන් ඔයාට හිතෙන්න පුලුවන් අනේ මට එහෙම කෙනෙක් නෑනේ කියලා. හැබැයි පොඩ්ඩක් මෙහෙම හිතන්න, ඒ හොඳම යාලුවා කියන කෙනා ඔයාගේ husband හරි wife හරි වුනොත් ඒක ඔයාට කොහොම දැනෙයිද?

ඇත්තටම ඒ ගැන කතා කරනවා නම්, අද සමාජයේ ගොඩක් අය විවාහ වෙලා මාස ගානක් යන්නත් කලින් දික්කසාද වෙනවා, ඒදේවල් වලට හේතු වෙන දේවල් විවිධයි. හැබැයි ඉතින් තමන්ගේ husband හරි wife හරි තමන්ගේ හොඳම යාලුවා කර ගත්තාම එතන ප්‍රශ්න ඇති වෙන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි – https://www.psychologytoday.com/us/articles/199909/the-science-of-a-good-marriage මොකද අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අපි කියන්නේ අපේ හොඳම යාලුවට, හොඳම යාලුවගෙන හංගන්න දේවල් නෑ. හොඳම යාලුවෝ අතර සැක කිරීම් අඩුයි, සහ ඒ තමයි අපේ safe place එක.අපිට ප්‍රශ්නයක් ආපු ගමන්, දුකක් හිතුන ගමන් අපි දුවන් යන්නේ අපේ හොඳම යාලුවා ලඟට. එයාලා අපිව judge කරන්නේ නෑ.

ඊට අමතරව අපේ හොඳම යාලුවා අපේ husband හරි wife හරි වුනොත් අපිට වෙන සම්බන්ඳතා අඩුවෙන් තිබ්බත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කාවවත්ම ආශ්‍රය නොකර ඉන්න කියලා නෙමෙයි මේකෙන් කියන්නේ. නමුත් දැන් කාලේ එක trend එකක් ආවා හැමෝටම bestiලා bestaලා ඉන්න, හැබැයි සමහර දික්කසාද වලට මේකත් හේතුවක් කියලා හිතන්න පුලුවන්. මොකද සමහර අය දන්නේ නෑ තමන්ගේ සීමාවේ ඇතුලේ ඉදලා ඒ සම්බන්දකම් ගෙනියන්න. ඒ දේවල් එහෙම වුනාම තමන්ගේ පවුල් ජීවිතේ තමයි නැති වෙලා යන්නේ.

ඉතින් මං අද මේ කතා කරන දේ ඒ කියන්නේ තමන්ට තමන්ගේ ජීවිතේ ඉන්න හොඳම යාලූවා තමන්ගේ husband/wife උනොත් ඒක කොච්චර හොඳ දෙයක් වෙයිද? කියන දේ ඇතුලේ අපිට bestiලා bestiලා ඕනේ වෙන්නේ නෑ. ඉතින් මේ සංකල්පේ හරිම ලස්සනයි, මොකද අපිට හරි සරලව ජීවත් වෙන්න පුලුවන් මේ සංකල්පේ ඇතුලේ, විවාහ ජීවිතේ බරක් කියලා දැනෙන්නේ නෑ, මොකද හැමදේටම අපිට අපේ හොඳම යාලුවා ඉන්නවානේ, ඒ කියන්නේ husband හරි wife හරි. දැකලා තියනවාද හොඳම යාලුවෝ වගේ ඉන්න couple- https://community.thriveglobal.com/partner-relationship-best-friend-therapist-advice/ ඒගොල්ලො අතර නීතිරීති නෑ ගැටුම් නෑ, හරිම සරලව ලස්සනට ජීවිතේ අරගෙන යනවා.

ඉතින් ඔයා wife කෙනෙක්නම් ඔයාගේ husbandව හොඳම යාලුවා කර ගන්න, එහෙම නැත්නම් ඔයා husband කෙනෙක් නම් ඔයාගේ wifeව හොඳම යෙහෙළිය කර ගන්න. එතකොට ඔයාගේ විවාහ ජීවිතෙත් ලස්සන වෙයි.

Related Posts

ආදරේ අඩු වෙන්නේ ඇයි - තරුණ යුවළක් සතුටින් සිනාසෙද්දී, වයස්ගත යුවළක් බංකුවක නිහඬව වාඩි වී සිටින ආකාරය

වයසින් වැඩි වෙද්දි ආදරේ අඩු වෙන්නේ ඇයි?

ආදරේ කියන්නෙම පටන් ගද්දි වගේම ඉවර වෙනකන්ම ඉවර නොවී තියෙන්න ඕනෙ දෙයක්. හැබැයි ඒක වෙනවද කියන එක නම්…

ByByPraboda Sandeepani Nov 24, 2026
දුවෙක් මනාලියක් වෙන දවසේ අම්මෙක්ට දැනෙන දේ

දුවෙක් මනාලියක් වෙන දවසේ අම්මෙක්ට දැනෙන දේ

දුවෙක් කියන්නනෙම වත්තක පිපෙන හැබැයි ඒ වත්තේ අයිතිවාසිකම් කියන්න බැරි මලක්. හැබැයි ඒ මල තමයි ඒ ගෙදර තියන…

ByByPraboda Sandeepani Nov 23, 2026
Smiling couple walking hand in hand along a cliff path, a vivaha yojana in Sri Lanka

Protect yourself in your relationship: What to look for in a life partner

Take a moment to think about these questions. If you are in a relationship, or starting a vivaha…

ByByPraboda Sandeepani Nov 17, 2026
Distressed woman hugging her knees while a man argues behind her, with icons showing eight types of domestic violence

8 types of domestic violence in marriage and how to recognise them

The types of domestic violence in marriage are not always easy to see. Marriage should be a place…

ByByPraboda Sandeepani Nov 17, 2026
Scroll to Top