දුවෙක් කියන්නනෙම වත්තක පිපෙන හැබැයි ඒ වත්තේ අයිතිවාසිකම් කියන්න බැරි මලක්.
හැබැයි ඒ මල තමයි ඒ ගෙදර තියන මිලක් නියම කරන්න බැරි වටිනාම මල. ඉතින් ඒ මල වෙන කෙනෙක්ට අයිති වෙන දවසේ අම්මාගේ හිතේ මොන වගේ හැඟීමක් ඇති වෙනවා ඇතිද කියලා අපි කල්පනා කරලා බලමු.
දුවෙක් පුංචි කාලේ ඉදලා අම්මත් එක්ක අම්මගේ අතේ එල්ලිලා ඇවිදපු හැටි අම්මට තාමත් මතක ඇති…
“අම්මේ, මගේ කොණ්ඩේ ගොතලා දෙන්නකෝ…”
“අම්මේ මට බත් කවන්නකෝ”
“අම්මේ, මට ලස්සන ඇඳුමක් ඕනේ…”
“අම්මේ, ඔයා මාව දාලා යන්නේ නෑ නේද?”
“අම්මේ ඔයා මට ආදරෙයි නේද?”

එදා අම්මාගේ අත අල්ලගෙන ලෝකය දැකපු ඒ පුංචි දුව, අද ලස්සන මනමාලියෙක් වෙලා අම්මාගේ ඉස්සරහා ඉන්නවා.
අම්මා දුවගේ මංගල ඇඳුම හදනවා. කොණ්ඩය ලස්සනට තියෙනවාද බලනවා. දුවගේ මුහුණේ හිනාවක් තියෙනවාද කියලාත් බලනවා.
ඒත් ඒ හැමදේටම වඩා අම්මාගේ හිතේ තියෙන්නේ එකම එක දෙයයි…
“මගේ දුවව මම බලාගත්තා වගේම, එයාගේ ජීවන සහකරුත් එයාගේ ජීවන සහකරුත් එයාව බලාගනීද?”
දුවට දුකක් දැනෙන දවසක ඇයව සනසන්න කෙනෙක් ඉඳියිද? ජීවිතයේ ප්‍රශ්න එනකොට ඇයගේ අත අත් නොහැර ඉඳියිද? දුවගේ ලස්සන හිනාව හැමදාමත් රැකගනීවිද?
අම්මාගේ හිතේ තියෙන මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න අමාරුයි. ඒත් අම්මාගේ ප්‍රාර්ථනාව නම් හරිම සරලයි. දුව කොහේ හිටියත් සතුටින් ඉන්න ඕනේ.
දුව යන්නේ අම්මාව අමතක කරන්න නෙවෙයි…
දුව අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. අලුත් නිවසක්, අලුත් වගකීම් සහ අලුත් සම්බන්ධතා ඇගේ ජීවිතයට එකතු වෙනවා.
ඒත් දුව කොච්චර ලොකු වුණත්, කොච්චර දුර ගියත්, අම්මාගේ හිතේ ඇය හැමදාමත් ඒ පුංචි දුවමයි.
දවසක දුවත් අම්මා කෙනෙක් වුණාම, අද තමන්ගේ අම්මාගේ ඇස්වල තිබුණු කඳුළු පිටුපස සැඟවුණු ආදරය තවත් හොඳින් තේරුම් ගනීවි.
අම්මේ, ඔයාගේ දුව අද මනාලියක් වුණත්, ඇයගේ හිතේ ඔයාට තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
මංගල දිනයේදී දුවගේ අත අල්ලගෙන ආශීර්වාද කරන අම්මාගේ හිතේ තියෙන ආදරය වචනවලින් විස්තර කරන්න බැහැ. සම්ප්‍රදායික පෝරුවේ මංගල චාරිත්‍රය පැවැත්වෙන මොහොතේ, අම්මාගේ හිත තවත් බරවෙනවා – https://en.wikipedia.org/wiki/Poruwa_ceremony
මනාලියක් ලස්සන වෙන්නේ ඇයගේ ඇඳුමෙන් විතරක් නෙවෙයි. ඇයව ආදරයෙන් හැදූ අම්මාගේ කැපකිරීම් සහ ආශීර්වාදත් ඒ ලස්සනේ කොටසක්.
දුවක් මනාලියක් වෙන දවසේ අම්මාගේ ඇස්වල කඳුළු දැක්කොත්, ඒ කඳුළු සතුටු කඳුළුද? නැත්නම් දුවව තමන්ගෙන් ඈත් වෙනවා කියලා දැනෙන දුකද?
ඔයාලගේ අදහසත් Comment එකකින් කියන්න.
ඉතින් ඔයාගේ ජීවිතෙත් එහෙම දවසක් තිබිලා තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම තමයි ඔයත් විවාහ වෙන වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් නම්, දුවට තාම ගැලපෙන කෙනෙක් හම්බුනේ නැත්තන් ඔයාටත් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ දුවට ගැලපෙන කෙනෙක් poruwa.lk එකෙන් හොයා ගන්න. ඔයාට කරන්න තියෙන්නේ https://www.poruwa.lk/ link එක click කරලා අපිත් එක්ක register වෙන්න. ඒ වගේම තමයි අපේ මේ වගේ ලිපි කියවන්න පුලුවන් අපේ blog පිටුව හරහා – https://www.poruwa.lk/blog










