ජීවිතයට සහකරුවෙකු තෝරා ගැනීම අප ජීවිතයේ ගනු ලබන වැදගත්ම තීරණ වලින් එකකි. ජීවන සහකරුවකු තෝරා ගැනීම ජීවිතයේ වැදගත්ම තීරණයකි. පොත පතෙහි කියවෙන පරිදි, “ඔබේ සබඳතා බුද්ධිමත්ව තෝරා ගන්න. නොගැලපෙන බැඳීමක සිටිනවාට වඩා තනිව සිටීම හොඳයි.” නිවැරදි සහකරුවා ඔබට ශක්තියක් වෙයි, නමුත් වැරදි තේරීම ඔබේ පිරිහීමට මඟ පාදයි.
සහකරුවකු තෝරා ගැනීමේදී මතක තබා ගත යුතු කරුණු:

එකිනෙකාට ගරු කිරීමට හැකිවීම – ශක්තිමත් සබඳතාවක් ගොඩනැගෙන්නේ ගරුත්වය මතය. ඔබට ගැලපෙනම සහකරුවා ඔබේ අදහස් වලට ගරු කල යුතුය.
අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව – අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව ඇති සහකරුවකුට සම්බන්ධතාවයක් සාර්ථකව හැසිරවිය හැකිය, ඵලදායීව සන්නිවේදනය කළ හැකිය, සහ ස්ථාවර සබඳතාවක් ගොඩනඟා ගත හැකිය.
අන්‍යෝන්‍ය වටිනාකම් වටහා ගැනීමට ඇති හැකියාව – පොදු විශ්වාස සහ වටිනාකම් ශක්තිමත් විවාහයක පදනම වන අතර, එකිනෙකා අතර ඇති වෙනස්කම් දිගුකාලීන ගැටළු ඇති කළ හැකිය.
මනා සන්නිවේදනය – විවෘත හා අව්‍යාජ සංවාද මඟින් ගැටුම් වළකා ගැනීමට සහ සාමකාමී සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට උපකාරී වේ.
එකිනෙකා අතර ඇති සහයෝගය හා අවබෝධය – හොඳ සහකරුවකු ඔබගේ දුෂ්කර කාලවලදී ඔබට උදව් කරයි, ඔබගේ ගැටළු වැඩි කිරීමට කටයුතු නොකරයි. එකිනෙකා පිළිබඳ තේරුම් ගැනීමට ඇති හැකියාව සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට බොහෝ සෙයින් ඉවහල් වේ.

ස්වාධීනත්වය ඇතිවන ආකාරයට කටයුතු කිරීම – තම සහකරුව පාලනය කිරීමට වඩා ඔහුගේ/ඇයගේ පුද්ගලික වර්ධනය සහ ස්වාධීනත්වයට ගරුත්වයෙන් සැලකීම මඟින් සම්බන්දතාවයක් ශක්තිමත් කිරීමට හැකියාව ඇත.
සම්බන්දතාවයට හානි සිදුවිය හැකි දේවල් පිළිබඳ අවධානය යොමු කිරීම – තමන් කියන කරන දේ පමණක් නිවැරදි යැයි සිතීම, ඊර්ෂ්‍යාව එසේත් නැත්නම් එකිනෙකා කෙරෙහි ඇති ගරුත්වය නැති වීමට බලපාන දේවල් අවම කිරීම වැනි ලකුණු කෙරෙහි අවධානය යොමු කරන්න, මන්ද මෙමඟින් ගැටළු ඇති කළ හැකිය.
ගෘහස්ථ හිංසනයෙන් තොර ජීවිතයක් ගොඩනැඟීම
ධනාත්මක ගුණාංග සහිත සහකරුවකු ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වුවද, එසේ තොරා ගැනීමට පෙර සම්බන්දතාවයට හානි සිදුවිය හැකි දේවල් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. තම සහකරු තමන් වෙනුවෙන් කාලය වැය කල යුතුය, සොයා බැලිය යුතුය, එමෙන්ම ඔහු තම සහකාරියගේ අදහස් වලට ගරු කල යුතුය. මන්ද විවාහය යනු දෙදෙනා සහයෝගයෙන් ඉදිරියට යා යුතු ගමනකි.












