• Home
  • Relationship Advices
  • ඔබට ඔහු ආදරය කරනවා වගේම ඔහුටත් ඒ වගේම ආදරයක් අවශ්‍යයි.
Image

ඔබට ඔහු ආදරය කරනවා වගේම ඔහුටත් ඒ වගේම ආදරයක් අවශ්‍යයි.

ගොඩක් වෙලාවට පිරිමි කියන්නේ ආදරය ඉල්ලන අය නෙමෙයි, ඒ වගේම බොහෝ වෙලාවට සමාජයේ ආදරය ගොඩාක් හිමි වෙන්නේ ගැහැණු අයට, ඒ දේ එහෙම වෙන්නේ ගැහැණු අය උපතින්ම මටසිලිටු, සුසිනිඳු බවක් අරගෙන මේ සමාජයට එන නිසා. පොඩි කාලේදි ආදරය කියන දේ ගැහැණු පිරිමි කියන දෙවර්ගයටම වෙනසක් නැතුව තමන්ගේ දෙමව්පියන්ගෙන් නෑදෑයන්ගෙන් සහ සියලු දෙනාගෙන් ලැබුනත් වයස ටිකෙන් ටික වැඩි වෙද්දි පිරිමි පාර්ශවයට ලැබෙන ආදරය කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. නමුත් ඒක එහෙම වෙන්න ඕනෙද? පිරිමි පාර්ශවය පිටතින් ශක්තිමත් වෙන්න පුලුවන්, ඒත් එයාලගේ ඇතුලෙත් ආදරය රැකවරණය බලාපොරොත්තු වෙන පොඩි දරුවෙක් ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට එයාලා ඒක පිටතට පෙන්නන්නේ නෑ. මොකද ස්වාභාවිකවම පිරිමි පාර්ශවය නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි.

ආදර සම්බන්දතාවයකදි වුනත්, මංගල යොජනාවක් වුවත් ගොඩක් වෙලාවට ගැහැණු අය තමයි ආදරේ වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ. බොහෝ වෙලාවට පිරිමි අය තමන්ට ආදරේ අවශ්‍යයි කියලා කියන්නේ නෑ නමුත් එයාලටත් ආදරේ ගොඩක් අවශ්‍යයි, මොකද පිටතින් හැඩිදැඩි රළු පෙනුමක් තිබුනට බොහෝ පිරිමි ඇතුලෙන් ගොඩාක් ආදරණීයයි. එයාලා පිටතින් ශක්තිමත් නමුත් ඇතුලෙන් ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සහකාරියගෙන්. සමාජයට ඔහු ඔහුගේ ශක්තිමත් බව පෙන්නුවත් ඔබ ඉදිරියේ ඔහුට අවශ්‍ය ඒ සියලු බර පසෙකින්

තබා සැහැල්ලුවෙන්, ආදරෙන් ජීවත් වෙන්න. ඉතින් ඔහුට ඒ දේ කරන්න ඉඩ දෙන්න. ප්‍රශ්නයක් ආවාම ඔහුට මුලින්ම මතක් වෙන්න ඕනේ ඔයාව, එහෙම නැතුව ඔහුගේ ප්‍රශ්න ඔයාට හංගන්න ඉඩ තියන්න එපා, ඔහූගේ ප්‍රශ්න විසඳගන්න උදව් කරන්න. නිතරම ඔහුට ආදරේම විතරක් දෙන්න සහ ගෙදර කියන වචනෙ ඇහුනත් ඔහුගේ හිතට සැනසීමක් ගෙනඑන විදියට ගෙදර වටපිටාව හදන්න. මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් මේක මං මගේ wife එක්ක කියන්න ඕනේ කියන මානසිකත්වය හැදෙන විදියට කටයුතු කරන්න, මොකද ගෙදර තියන සතුට වගේම දුකත් එක්කෙනෙක් විතරක් වගකීම භාර ගන්න ඕනේ නෑ, විශේෂයෙන්ම ඒ හැම දුකක්ම පිරිමි කෙනා භාර ගන්න ඕනේ කියලා දෙයක් නෑ,මොකද විවාහයකදී දෙන්නෙක් සහයෝගයෙන් යන ගමන හරි ලස්සනයි, ඒ දේ කරන්න දෙන්නා අතර හොඳ තේරුම් ගැනීමක්, එකිනෙකා ගැන ගෞරවයක්, විශ්වාසයක් සහ ගොඩක් ලොකු ආදරයක් තියෙන්නම ඕනේ. ඉතින් ඔයත් ඔයාට ලැබෙනවා වගේම ආදරය ඔයාගේ husbandට දෙන්න, එතකොට ජීවීතේ අවසන් වෙනකන්ම ආදරේ පටන් ගත්තා වගේම ඒ ආදරේ අවසන් කරන්න පුළුවන්. 

Related Posts

A smiling man and woman standing together in front of a modern building, dressed in casual attire, representing companionship, trust, and meaningful relationships through mangala yojana, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, srilanka matrimony, and Sri Lankan marriage proposals for compatible life partners.

The Importance of Love and emotional support in marriage

So, give your husband the same love you receive, and choose to nurture that love throughout your journey…

ByByPraboda Sandeepani Oct 15, 2026
Smiling couple cuddles on a sofa in a sunlit living room, sharing a warm moment that represents marriage proposals, mangala yojana, මංගල යෝජනා, mangala sewaya, marriage proposals in Sri Lanka, marriage proposals Sri Lanka, matrimony Sri Lanka, srilanka matrimony, lankamatrimony, mangala ads.lk, Silumina marriage proposals, Sunday Observer marriage proposals, liyathabara marriage proposals in Sri Lanka, and Catholic marriage proposals.

7 Things you may realise after getting married

The wedding day may be filled with beautiful moments, but the real story begins when the celebrations end.…

ByByPraboda Sandeepani Sep 18, 2026
Smiling couple reading a book together on a cozy sofa, surrounded by bookshelves, plants and framed photos, representing married life, mangala yojana, marriage proposals in Sri Lanka, marriage proposals Sri Lanka, matrimony Sri Lanka, srilanka matrimony, මංගල යෝජනා, mangala sewaya, lankamatrimony, and meaningful relationships.

විවාහයෙන් පසු ඔබට වටහා ගත හැකි කරුණු 7ක්

“විවාහ මංගල්‍යය එක් දිනකි, නමුත් විවාහ ජීවිතය ගමනකි” යන කියමන ඔබ අසා තිබේද? විවාහ මංගල්‍යයේ දිනය ගැන —…

ByByPraboda Sandeepani Sep 16, 2026
විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්. විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්. විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්.

විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේද?

විවාහය සඳහා සූදානම් වීම යනු ලස්සන මංගල උත්සවයක් සැලසුම් කිරීමට එහා ගොඩක් දේවල් වල එකතුවක් වේ. එය ජීවිත…

ByByPraboda Sandeepani Aug 7, 2026
Scroll to Top