ජීවිතයේ ලොකුම ලුහුබැඳීම ආදරය හා ආදරය ලැබීම බව කියනු ලැබේ. සමහරවිට ඔබ මේ වන විට ආදරය සොයාගෙන ඇත. නැතහොත් ඔබ තවමත් එය සොයමින් සිටිනවා විය හැක. ආදරය සොයා ගැනීම වික්‍රමාන්විත ගමනකි. එය සුන්දර වන්නේ ගමනාන්තයට ළඟාවීම මත පමණක් නොව ඒ ගමනේ ඔබ දකින විශ්මයජනක දසුන් හා ඔබට හමුවන අනපේක්ෂිත හැරවුම් මත වේ. ඔබ සිතනවානම් ඔබ ඔබගේ ආදරය සොයාගැනීමට ප්‍රමාදයි කියා එය එසේ නොවේ. ඔබටත් ඔබේ ආදරය හොයාගන්න පුළුවන්.
ඔබ සමාජය සැකසීමට උත්සහ කරන කාල රාමුව මොහොතකට අමතක කරන්න. මන්දයත් ආදරය ක්‍රියාත්මක වන්නේ තමන්ගේම කාලරාමුවකට වන බැවිනි. ඔබ බලාපොරොත්තු නොවන අවත්සවක ඔබට ගැලපෙන කෙනා හමුවිය හැක. එය පුස්තකාලයක ඔබ කැමති නවකතාවක් කියවන අයෙකු දැක ඔහු/ඇය සමග අරඹන කතාබහක් විය හැකිය. එසේත් නැති නම් Poruwa.lk වෙබ් අඩවියේ දැන්වීමකට ඔබ යවන response එකක් විය හැකිය. ඒ නිසා ඔබ කවදාවත් හිතන්න එපා ඔබට ගැලපෙන සහකරුවෙක්/ සහකාරියක් හොයාගන්න ඔබ ප්‍රමාද වැඩියි කියල.
ආදරයට කල් ඉකුත්වන දිනයක් නොමැත. එය කාල රාමුවකට කොටු කල නොහැක. ඒ නිසා ඔබ ආදරය සෙවීම නතර කරන්න එපා. සමහරවිට ඔබ සොයන සහකාරයා/ සහකාරිය මේ සඟරාවේ පිටු අතර ඉන්නවා විය හැකිය. හිතට බරක් නැතුව ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ඔබට ගැලපෙන කෙනා හොයාගන්න හොඳම තැනක් තමයි Poruwa.lk කියන්නේ. ඔබට ගැලපෙන කෙනා ඔබට කවදා හෝ ලැබෙයි යන බලාපොරොත්තුව ඇතුව ආදරය සොයා යන ගමනේ ඉදිරියටම යන්න!












