අපි හැමෝම අපේ ජීවිතේ ලස්සනම දවස ගොඩක් ආසාවෙන් තමයි සැලසුම් කරන්නේ, ඒ වගේම අපි ඒ දවසට ගොඩක් වියදම් කරනවා. අපි එහෙම කරන්නේ ඒ දවස ගොඩක් මතක හිටින්න. ඉතින් ඒ දවසේ අපි ගන්න ඡායාරූප, විඩීයෝ කියන දෙකම අපිට ගොඩක් වැදගත් වෙනවා, ඒ ඇයි කියලා කියනවා නම් ඒ දවසේ මතක සටහන් විදියට අපිට අන්තිමට ඉතුරු වෙන්නේ ඒ ටික. ඉතින් අපි අපේ වෙඩින් එකට photographer කෙනෙක් තෝර ගන්න ඕනේ ගොඩක් හිතලා බලලා.
Photographer ව තෝරගනිද්දි ඔයාලා එයාලගෙ කලින් කරලා තියන වෙඩින් photos එහෙම බලලානේ තෝර ගන්නේ.ඉතින් එයාව මුනගැහිලා කතා කරද්දි ඔයාලගෙ අදහසුත් එයාලා එක්ක සාකච්ඡා කරලා ඔයාලා කැමැත්තයි එයාලාගේ කැමැත්තයි දෙකම එකට එකතු කරලා තමයි photography සහ videography කෙරෙන විදිය සාකච්ඡා කර ගන්න ඕනේ.

උදාහරණයක් විදිහට ඔයාලා කැමති portrait photo වෙන්න පුළුවන්.ඒ කියන්නෙ ඔය දෙන්නගෙ විතරක් closeup වැඩි කරලා Background එක අඩු කරලා දෙන්නගෙ විතරක් ෆොටෝ ගන්න එක.
ඔයාලා පරිසරයට ආදරේ කරන කලාවට ලැඳි කපල් එකක්නම් wide photography වලට කැමති වෙන්න පුළුවන්.ඒ කියන්නෙ art එකට ලැඳි background වැඩිපුර තියෙන ෆොටෝස්. ඉතින් ඔයාලා තීරණය කරන්න ඕනෙ ඔයාලා කැමති මොන වගේ album එකකටද කියලා. සාමන්‍යෙන් portrait සහ wide දෙකම mix ඇල්බම් වලට තමයි ගොඩක් අය යන්නෙ. අපි බලන්න ඕනෙ ඔය දෙකම කරන්න පුළුවන් photographer කෙනෙක්ද හොයාගෙන ඉන්නෙ කියල. ඒ වගේම අවශ්‍ය කැමරා උපකරණ තියෙනවද කියල.
ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි අඩු මුදලකට photography කරන්න යන එක. ඔව් අපි හැමදේකම අරපිරිමැස්ම ගෑන හිතන්න ඕනේ තමයි, ඒ වුනාට අඩු මුදලකට අඩු තත්ත්වයෙන් තියන photography කරලා වැඩක් නෑනේ, මොකද ඒ photo තමයි අපිට මුළු ජීවිත කාලෙටම ඉතුරු වෙන්නේ. අඩු මුදලක් වියදම් කරන්න ඕනෙ තමයි හැබැයි photo quality එක album quality එක සහ after service එක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.ගොඩක් වියදම් කරලා salon වලින් dress කරගෙන photo / edit / album එක ලස්සනට නැත්නම් ඒ කරපු අනිත් දේවල් වල වටිනාකමක් නෑ. සෑලකිලිමත් වෙන්න ඕන අනිත් දේ තමයි album එක දෙන්න යන කාලය මොකද එහෙම නැති වුනොත් සල්ලි ඔක්කොම දීලා මාස ගානකින් තමයි album එක හම්බෙන්නේ.
Package සහ service එක
Talent එක, භාවිතා කරන camera උපකරණ, Album quality එක සහ service එක අනුව පැකේජස් වෙනස් වෙනවා.ඒකට අපිට photographerලා හැමෝටම පොදු නිශ්චිත එකම ගානක් නියම කරන්න බැහැ. පළාතෙන් පළාතට කෙනාගෙන් කෙනාට ඒක වෙනස්.
අපි තෝරාගන්නා photographers ලා ලඟට ගිහින් කතා කරද්දි එයාලගෙ packages බලාගන්න පුළුවන්. ඕනම professional photographer කෙනෙක් ලග පැකේජ් තියෙනවා.
One day ද, two dayද, pre shoot include ද නැත්ද, Videography, Transport, Album, Enlargement, Thank you card වගේ දේවල් වලින් වෙනස් වෙනවා.
මේ හැමදේම ඔයාගෙ wedding budget එකත් එක්ක ගලපගෙන ඔයාලට ඕන එපා දේවල් බලලා customized කරගෙන photographer කෙනෙක් තෝරගන්න. ඔයාට අවශ්‍ය හැමදේම එයාට පැහැදිළිව කියන්න, එයා ඒ වැඩේ කොහොමද කරන්නේ කියලා එයාගෙන් පැහැදිළිව අහන්න. ඔයාගේ පැත්තෙන් එයාට අවශ්‍ය සහය ගැනත් අහන්න, අහලා ඒ දේවල් ලබා දෙන්න.

Album ගැන
දැන්නම් ගොඩක් භාවිතා වෙන්නෙ magazine album
Album කොටස් හතරකට බෙදෙනවා
Pre shoot album
Family album
Couple album
Mix album
මේවා වෙනම ගන්න ගියොත් වියදම වැඩි නිසා ගොඩක් අය තෝර ගන්නේ mix album එක
වැදගත්ම දේවල් වලින් කිහිපයක්
Thank you card අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණයට print කරන්න. ගොඩක් වෙලාවට wedding වල හැමදේම යන්නෙ රැල්ලට.ඒක කරන්න තමන්ගෙ බජට් එකට දරන්න පුළුවන්ද බලන් නැහැ බහුතරයක්. නොදැනුවත්කමින් සල්ලි නාස්ති කරගන්න එපා. ඉස්සර තිබුනෙ post card සයිස් කාර්ඩ්. වර්තමානය වෙනකොට A4 size එකටත් print කරනවා. Wedding එකට ආපු අයට ස්තූති කරලා කාඩ් එකක් දෙන එකත් දැන් trend එකක් වෙලා තියනවා. ඒ වගේ තව දේවල් ඔයාලාට ඕනේ නම් විතරක් ඒ දේවල් කර ගන්න.
අනවශ්‍ය වියදම් කපා හැරලා කරගන්නවද නැත්ද කියන එක ඔයාලගෙ කැමැත්ත සහ මූල්‍යමය හැකියාව මත රඳා පවතිනවා. ඒ වගේම වෙඩින් card print කරද්දිත් එක එක අතපසුවීම් වෙන්න පුළුවන්,
ෆැමිලි පිටින් එන අයට එකක් දුන්නම ඇති. පවුලේ ඉන්න හැම සාමාජිකයෙක්ටම ඕනේ නෑ. ඒ විදියට බැලුවාම ලොකු ප්‍රමාණයක් ඕනේ නෑ. ඒ විදියට දේවල් manage කර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

- Portfolio එක බලන්න
Photographer කලින් කරලා තියන weddings බලන්න.
• Light use කරන විදිහ
• Couple moments capture කරන විදිහ
• Natural photos ද posed photos ද
ඔයාට කැමති photography style එකට match වෙනවද කියලා බලන්න. - සම්පූර්න Wedding Album එක බලන්න
බොහෝ photographerලා හොඳම photos විතරක් social media වල දානවා.
ඒත් ඔයාලා බලන්න ඕනේ complete wedding album එකක්ම, එතකොට තමයි හරියටම දැන ගන්න පුළුවන් photographerගේ දක්ෂතාවය. ඒ වගේම තමයි consistency එක ගැනත් තේරෙනවා. - පළපුරුද්ද ගැන සැලකිලිමත් වෙන්න
Wedding photography කියන්නේ event photography.
පළපුරුද්ද තියෙන photographer කෙනෙක්:
විශේෂ අවස්ථා miss කරන්නෙ නෑ, ඒ කියන්නේ camera එකට ලේසියෙන් capture කරගන්න අමාරු shots. ( උදාහරණයක් විදියට කියනවා නම් random photos) වගේ ඒවා.
pressure එක balance කරන්න දන්නවා - Package details
Package එක ඇතුලත් දේවල් හොඳට අහන්න:
• Photo + Video දෙකමද
• Drone shots තියෙනවද
• Album කීයක් තියනවද?
• Edit කරපු photos ගාණ
• Photos ලැබෙන කාල සීමාව - Personality & Communication
Photographer friendly නම් couple එක relax වෙනවා. Couple එක relax වෙන තරමට photos ලස්සනයි - Reviews & reputation
• Facebook / Google reviews බලන්න
• Real couples feedback අහන්න - Backup plan
Professional team එකක් නම්:
• Backup camera
• Backup photographer
• Data backup system - Contract එක
හැමවෙලේම ලියපු agreement එකක් තියාගන්න.
• අය කරන මුදල සම්බන්ඳව
• photos නැවත ලබා දෙන එක සම්බන්ඳ තොරතුරුවගේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න.
ඉතින් මේ ලිපියේ තියන හැම දෙයක්ම ඔයාගේ වෙඩින් එකට wedding photographer කෙනෙක් තෝරා ගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු.










