• Home
  • Relationship Advices
  • ඔයා කොච්චර ස්මාර්ට් වුනත්, ඔයාගේ විවාහය ප්‍රමාද ඇයි?
Sri Lankan woman using a smartphone to browse a trusted wedding proposal website, exploring marriage proposals in Sri Lanka, mangala yojana traditions, and matrimony services on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a secure platform for Lanka brides and grooms, Buddhist matrimony, and Catholic marriage proposals.

ඔයා කොච්චර ස්මාර්ට් වුනත්, ඔයාගේ විවාහය ප්‍රමාද ඇයි?

වර්තමාන සමාජය දිහා බැලුවොත් විවාහ නොවී ඉන්න ගොඩක් දෙනා හරිම smart සහ ඒ වගේම ඔවුන් අධ්‍යාපනයේ ඉහළටම ගිය අය, ඒ වගේම ඔවුන් සමාජයේ පිළිගත් රැකියා වල නිරත වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිත වල තියන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඔවුන් විවාහ නොවී තනිකඩව ඉන්න එක. මෙච්චර smart එයාලා තනිකඩ ඇයි කියන ප්‍රශ්නය කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. නමුත් මේකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඉන් ප්‍රධාන හේතු කිහිපයක් අපි ගැඹුරින් හිතලා සරලව කතා කරමු. මොකද ඔයා smart වෙන එකෙයි ඔයාගේ විවාහය පරක්කු වෙන එකෙයි ලොකු සම්බන්ඳයක් තියනවා.

තෝරා ගැනීම් වල ඇති වෙනස්කම්

Smart අය වෙනස් විදියට ලෝකය දිහා බලන වෙනස් විදියට හිතන අය.
Smart අයගේ තේරීම් අනිත් අයගේ තේරීම් වලට වඩා වෙනස්, ඒ වගේම smart අය තමන්ට සහකරුවෙක්/සහකාරියෙක් තෝරා ගද්දී ඔයාගේ තෝරා ගැනීම අනිත් අයගේ තෝරා ගැනීම් වලට වඩා වෙනස්, ඔයාට ඕනෑම කෙනෙක්ව ඔයාගේ සහකාරයා විදියට තෝර ගන්න බෑ. ඔයා ඔයාට කෙනෙක් තෝරගද්දි,
එයා මාව හරියට තේරුම් ගනීද?, එයාටයි මටයි හොඳ අනාගතයක් ගොඩනඟා ගන්න පුළුවන් වෙයිද? එයා මගේ වැඩ වලට උදව් කරයිද? අපි දෙන්නගේ intellectual level සමාන වෙයිද වගේ ප්‍රශ්න කන්දක් ඔයාගේ ඔළුවේ වැඩ කරන්න ගන්නවා. ඔයා ඔයාගේම ඔළුව ඇතුලේ මට ඕනේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා මවාගෙන ඉන්නවා, අන්න ඒ නිසයි ගොඩක් smart අය හිතේ මවා ගත්ත perfect partner කෙනෙක් එනකන් මඟ බලාගෙන ඉන්නේ. එයාලා ලේසියෙන් කෙනෙක් එක්ක සම්බන්ඳතා පටන් ගන්න අය නෙමෙයි. තීරණ ගන්නේ ගොඩක් හිතලා මතලා.

තනිකම සහ නිදහසට ඇති ආදරය

Smart අය ගොඩක් අය තමන්ගේ own space එකට ආදරය කරනවා. එයාලා ලේසියෙන් කෙනෙක් එක්ක සම්බන්ඳතා ගොඩනඟා ගන්නේ නැති නිසා, තමන්ගේ ජීවිතේ ගොඩක් ගත කරන්නේ තනියම, සහ එයාලා එයාලාගේ තනිකමට ආදරේ කරනවා. ගෙදරට වෙලා නිදහසේ තමන්ගේ වැඩක් බලාගෙන තනියම කාලය ගත කරන එක, තනියම පොත් කියවලා ඒ පොත් අස්සේ තනිවෙන එක, තනියම ගමන් බිමන් යන එක වගේ දේවල් වලට තමයි එයාලා ඇබ්බැහි වෙලා ඉන්නේ. සමාජයේ ඉන්න අනිත් අයට වඩා මෙයාලා ටිකක් වෙනස් කියලා කියන්නේ මෙන්න මේ හේතු නිසා. විවාහයෙන් පස්සේ මෙයාලාගේ මේ ජීවන් රටාව වෙනස් වෙලා, යම් කිසි බරක් එයාලාගේ කරට වැටෙනවා වගේම තවත් කෙනෙක් වෙනුවෙන් එයාලාගේ මේ නිදහස කැප කරන්න වෙනවා කියලා දන්නවා වගේම ඒ නිදහස නැති කර ගන්න තියන බයට මෙයාලාට නොදැනුවත්වම මෙයාලාගේ විවාහය පරක්කු වෙනවා.

වටපිටාවෙන් සහ අතීතයෙන් උගත් පාඩම්

Smart අතීතයේ වෙච්ච දේවල් වලින් සහ අනුන්ගේ වැරදි වලින් දේවල් ඉගෙන ගන්නවා වැඩී. එයාලා අතීතයේදී ආදරය නිසා මොකක් හරි සිත් රිදීමකට මුහුණ දීලා තියනවා නම් ආයෙත් ඒ වගේ දේකට මුහුණ නොදෙන්න වගබලා ගන්නවා. ඒ වගේම මොකක් හරි සම්බන්දතාවයක් තිබිලා ඒක නැති වුනොත් ඒ එක්කම ආයෙත් සම්බන්දතාවයකට යන්න හදිස්සි වෙන්නේ නෑ, මොකද සිද්ද වුණ එයාලා බලන්නේ ජීවිතේට මොකක් හරි පාඩමක් ඉගෙන ගන්න.
ඒ වගේම තමයි එයාලාගේ යාළුවන්ගේ පවුල් ජීවිත වල ඇතිවෙන ප්‍රශ්න වලින් එයාලාට විවාහය ගැන බයක් ඇති වෙන්න පුලුවන්
මේ වගේ දේවල් නිසා එයාලාගේ මොලයට සිග්නල් ලැබෙනවා, ඒ ලැබෙන සිග්නල් වලින් එකක් තමයි “තනිකඩව සිටීම”. මොකද එයාලා හිතනවා ඒ දෙයින් එයාලා ආරක්ෂිතයි කියලා.

ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි smart අයගේ අධ්‍යාපන තත්ත්වය සහ බුද්ධිය ඉහළ යද්දි, එයාලාගේ standards ඉහළ යනවා. එතකොට එයාලාගේ ජීවිතේට කෙනෙක් තෝර ගද්දිත් එයාලා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. Smart අය නිතරම හොයන්නේ තමන්ව පාලනය කෙනෙක්ට වඩා තමන්ව අඟය කරන කෙනෙක්ව. වර්තමානයේ එහෙම අයව හොයා ගන්න අමාරුයි, ඉතින් නොගැළපෙන කෙනෙක් එක්ක ජීවිතය පටන් අරන් තමන්ගේ විවාහ ජීවිතය අපායක් කර ගන්නවට වඩා තනියම ඉන්න එක හොඳයි කියන මතයේ smart අය දැඩිව ඉන්නවා.

නමුත් මේ ගැන ගොඩක් ගැඹුරින් හිතුවොත් ඇත්තම තත්ත්වය මේකයි.
Smart අය දන්නවා විවාහය කියන්නේ නිකන්ම නිකන් උත්සවයක් නෙමෙයි, විවාහය කියන්නේ ගොඩක් හිතලා මතලා ගන්න ඕනේ තීරණයක් කියලා. මොකද ඒ තීරණය මුළු ජීවිත කාලයටම වලංගුයි. ඉතින් ඔයත් smart නම් ඔයාගේ විවාහය පරක්කු වෙන්නේ ඔයා fail කෙනෙක්වත්, ඔයා ආදරය කරන්න දන්නේ නැති නිසාවත්, ඔයා වැරදි නිසාවත් නෙමෙයි. ඔයාගේ වටිනාකම ඔයා දන්න නිසා, ඒ වටිනාකමට වටිනාකමක් දෙන කෙනෙක් ඔයා බලාපොරොත්තු වෙන නිසා.

මේ දේ ගැන කතා කරද්දි අපි එක දෙයක් හොඳට මතක තියා ගන්න ඕනේ මේ ලෝකේ 100% perfect මිනිස්සු නෑ, ඒ වගේම මේ ලෝකේ 100% ගැලපෙන මිනිස්සුත් නෑ. ඉතින් ඔයා හොයා ගන්න ඕනේ 100% perfect කෙනෙක්වත්, 100% ඔයාට ගැලෙපන කෙනෙක්වත් නෙමෙයි, ඔයාගේ අඩුපාඩු හදාගන්න ඔයාට උදවු කරන ඔයාගේ හැම දේටම උදව් කරන කෙනෙක් තෝර ගන්න, එතකොට ජීවත් වෙන්න ලේසි. ඉතින් ඔයත් එහෙම කෙනෙක් හොයන ගමන් ද ඉන්නේ, ඔයාගේ preferences වලට ගැලපෙන ඔයාගේ හිතේ මැවිච්ච් කෙනාව හොයා ගන්න අදම register වෙන්න poruwa.lk එකත් එක්ක, මොකද අපගේ සේවාවේ තියන filters වලින් ඔයාට මේ දේ පහසුවෙන්ම කර ගන්න පුළුවන්.

Related Posts

විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්. විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්. විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්.

විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේද?

විවාහය සඳහා සූදානම් වීම යනු ලස්සන මංගල උත්සවයක් සැලසුම් කිරීමට එහා ගොඩක් දේවල් වල එකතුවක් වේ. එය ජීවිත…

ByByPraboda Sandeepani Aug 7, 2026
A Sri Lankan couple planning their future together by budgeting and saving money for marriage, representing financial preparation for marriage proposals in Sri Lanka and guidance from Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා

How to prepare for marriage emotionally and financially

Marriage is a new chapter that requires both emotional readiness and financial stability. Discover practical ways to prepare…

ByByPraboda Sandeepani Aug 6, 2026
A Sri Lankan couple sitting together on a couch in a cozy living room with warm lighting and elegant décor, enjoying a peaceful moment of love, comfort, and companionship. Represents a happy relationship and meaningful future for couples exploring marriage proposals Sri Lanka, mangala yojana, and matrimony Sri Lanka through Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for lanka brides and grooms, srilanka matrimony, buddhist matrimony, catholic marriage proposals, and liyathabara marriage proposals in Sri Lanka.

Why do happy relationships suddenly feel boring?

Many relationships change over time. At the start, both partners are excited to talk to each other. Every…

ByByPraboda Sandeepani Jul 17, 2026
A Sri Lankan couple sitting together on a couch enjoying coffee and sharing an intimate moment, symbolizing love, companionship, and a happy married life after successful marriage proposals Sri Lanka. Represents meaningful connections through mangala yojana, Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for matrimony Sri Lanka, srilanka matrimony, lanka brides and grooms, buddhist matrimony, catholic marriage proposals, and liyathabara marriage proposals in Sri Lanka.

සාර්ථක ලෙස පැවති සබඳතා හදිසියේම එකිනෙකා ගැන ඇති උද්යෝගය අඩු වී බිඳ වැටෙන්නේ ඇයි ?

බොහෝ සබඳතා කාලයත් සමඟ වෙනස් වෙනවා. ආරම්භයේදී, දෙපාර්ශ්වයම එකිනෙකා සමඟ කතා කරන්න උද්යෝගිමත් වෙනවා. සෑම පණිවිඩයක්ම, දුරකථන ඇමතුමක්…

ByByPraboda Sandeepani Jul 16, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top