Bride planning her dream wedding with tips on budgeting, priorities, themes, and styles, exploring Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, Mangala Yojana, Sri Lanka matrimony, matrimony Sri Lanka, marriage proposals in Sri Lanka, and top wedding proposal websites for seamless matchmaking.

විවාහයට නැකැත් සකස් කිරීම

අප ගියවර ලිපියෙන් සඳහන් කල ආකාරයට මනාල – මනාලිය දෙදෙනාගේ වයස, රූපය, තත්ත්වය, අදහස්, ගැළපීම මෙන්ම විවාහයට දෙපාර්ශ්වයේම කැමැත්ත තිබේ නම් ඊළඟ කටයුත්ත විවාහයට නැකැත් සකස් කිරීමයි. සාමාන්‍යයෙන් විවාහ නැකත් පිළියෙල කිරීම අයිති වන්නේ මනාල පාර්ශවයටයි. විවාහ යෝජනා සාර්ථක කර ගැනීමට මෙම ක්‍රියාවලිය මූලික වන අතර, මංගල යෝජනා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වීම වැදගත්ය. මංගල දැන්වීම් හරහා පවුල් තුළ සහ සමාජයේ මෙම විශේෂ අවස්ථාව ප්‍රචාරය කරයි. විවාහ නැකැත් පිළියෙල කිරීම සරල කාරණයක් සේ පෙනුනද, විවාහය හා සම්බන්ධ කටයුතුවලදී මේ විවාහ නැකැත් පිළියෙල කිරීම වැදගත් කරුණක් ලෙස සැලකෙයි. මංගල කිංකිණි මෙන්ම, ශ්‍රී ලාංකික මංගල යෝජනා සදහා සුදුසු සේවාවක් ලෙස පෝරුව.lk විශේෂ ස්ථානයක් ගනී.
මෙහිදී ප්‍රථමෙයන් සිදුවන්නේ විවාහ වෙන දෙදනාගේ කේන්දර පත්‍ර දෙක ජ්‍යෝතිෂවේදියා ලබා දී විවාහයට වඩාත් සුදුසු දිනයක් නියම කරගැනීමයි. සාමාන්‍යයෙන් විවාහ නැකත් දිනය යොදාගන්නේ දෙදෙනාගේම කේන්දර සටහන් වලට ගැළපෙන නැකතක් යෙදී ඇති දවසකයි. ඒ මන්දයත් පොරොන්දම් වලින් සහ කේන්දර සටහන් වලින් දෙදෙනාගේ උපන් නැකත් ගැළපෙනවා වගේම තමයි විවාහ නැකත් දිනයත් දෙදෙනාට ගැළපෙන්න ඕන.
මීට අමතරව ජ්‍යෝතිෂවේදියා දැනුවත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඒවා නම් මංගල උත්සවය පවත්වන්නේ නිවසේද නැතිනම් උත්සව ශාලාවකද කියන එක. ඒ වගේම මනමාලයට මනාලියගේ නිවසට යන්න හෝ උත්සව ශාලාවට යන්න කොපමණ දුරක් සහ වෙලාවක් ගතවෙනවාද කියන එක. මනාලියට මනාලයට හැඩගැස්වෙන්න කොපමණ වේලාවක් අවශ්‍යද කියන එකත් මෙහිදී සලකා බලනවා.
මෙයට අමතරව සලකා බැලෙන තවත් කාරණාවක් වන්නේ පෝරුවේ චාරිත්‍ර කරනවාද නැත්ද යන්නයි. මොකද සමහර අවස්ථා වලදී පෝරුවේ චාරිත්‍ර නොකර විවාහ ලියාපදිංචිය සහ මුදු මාරු කිරීම පමණක් වෙන අවස්ථාද තියෙනවා. මේ කරුණු කාරණාවලට ගැළපෙන ආකාරයට නැකත් සකස් කිරීම සිදු කෙරේ.
ශ්‍රී ලාංකික මංගල යෝජනා සදහා මෙය වැදගත් ක්‍රියාවලියක් වන අතර, මංගල යෝජනා, විවාහ යෝජනා, මංගල දැන්වීම් හරහාත් මංගල නැකැත් පිළියෙල කිරීමක් සිදු කළ හැක. පෝරුව.lk මගින්ද විවාහයට සුදුසු දිනය සොයා ගැනීමට සහ විවාහයට සම්බන්ධ මංගල කිංකිණි සොයා ගැනීමට හැකියාව ලැබේ.
මෙම නැකත් පූර්ව මංගල නැකත්, මංගල දිනයේ නැකත් හා පසු නැකත් වශෙයන් වර්ග කල හැකිය.

පූර්ව මංගල නැකැත් වලට අයත් වන්නේ,

මංගල දිනයේ නැකැත් වලට අයත් වන්නේ,

පසු නැකැත් වලට අයත් වන්නේ,

මනාලයාගේ පාර්ශ්වයෙන් මෙලෙස නැකැත් පත්‍රය සකස් කොට මනාලියගේ පාර්ශ්වයට එය භාර දෙන අතර එම නැකැත් වල දෝෂ අඩුපාඩු ඇත්නම් මනාලියගේ පාර්ශ්වයෙන් එය පරීක්ෂා කර බලනු ලබයි.

අද සමාජයේ විවාහවීමට අපේක්ෂා කරන අය බොහෝවිට නැකැත් පිළියෙළ කිරීම පිළිබඳ එතරම් උනන්දුවක් සැලකිල්ලක් නොදක්වන බවක් දක්නට ලැබුනද නැකැත් නිවැරදිව පිළියෙළ කර ගැනීම විවාහය සාර්ථක කරගැනීමට ඉවහල් වනු ඇති බව බොහෝදෙනා විශ්වාස කරයි .

Releated Posts

A collage featuring various images of a bride and groom celebrating their wedding day together, highlighting Sri Lankan wedding proposals, matrimonial advertisements, and Mangala Yojana 2026.

Hidden meanings behind Sri Lankan wedding rituals

Sri Lankan weddings are admired around the world for their rich traditions, cultural beauty, and meaningful rituals. While…

ByByPraboda Sandeepani Mar 13, 2026
A thoughtful woman sitting on a couch indoors, hands on her knees, looking ahead reflectively, symbolizing contemplation, focus, and personal reflection.

Marriage and divorce in today’s Society

Marriage today looks very different from the past. While earlier generations approached it with patience and long-term commitment,…

ByByPraboda Sandeepani Feb 20, 2026
Oskalks Premium logo with casino and gaming symbols, highlighting a luxurious design for premium online casino and gambling platforms

Poruwa.lk Premium: ඔබේ සහකරු/සහකාරිය සොයාගැනීමට පුද්ගලීකරණය කළ සහ විශ්වාසනීය සේවාවක්

නිවැරදි සහකරු සොයාගැනීම ජීවිතයේ ඉතාම වැදගත් තීරණයක් වන අතර, විශ්වාසනීයත්වය ආරක්ෂා කරන Poruwa.lk වැනි මංගල යෝජනා සේවාවන් මේ…

ByByPraboda Sandeepani Feb 13, 2026
Wedding planner notebook and pen on a wooden table, used for planning Sri Lankan weddings and marriage proposals on Poruwa.lk.

The most common mistakes people make when planning a wedding

Are you planning your dream wedding? Avoid these common mistakes and make your big day smooth, joyful, and…

ByByPraboda Sandeepani Feb 5, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top