ශ්‍රී ලාංකික විවාහයන්ට පෙර සහ පසුව විවිධ ආකාරයේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනු ලබයි. ඒවා බොහෝමයක් අතීතයේ සිට පැවත එන චාරිත්‍ර විධි වන අතර, නවීන පරපුර වර්තමානය වන විට බොහෝමයක් තමන්ගේ විවාහයට මෙම චාරිත්‍ර වාරිත්‍ර නවීන ක්‍රමවේදයන්ට අනුව වෙනස්කොට සිඳු කරනු ලබයි. එය එසේ සිඳු වුවද බොහෝ චාරිත්‍ර වාරිත්‍ර වල අඟය රැදී පවතින්නේ ඒවා අතීතයේ සිට පැවත එන ආකාරයටම සිදු කරනු ලබන විටයි, එමෙන්ම එම යම් යම් චාරිත්‍ර වෙනස් කිරීමට හැකියාවක්ද නැත. මෙම විවාහයට පෙර සිඳුවෙන පිරිත් කීමේ චාරිත්‍රය එසේ වෙනස් කල නොහැකි චාරිත්‍රයක් වේ.
මෙයින් සිඳු වන්නේ විවාහයට පෙර මනාල යුවලට ආශිර්වාද කොට ඔවුන්ට යහපත් අනාගතයකට සුභ පතා නව ආරම්භයක් ලබා දීමයි.
මෙම චාරිත්‍රය සිඳුවන ආකාරය
මෙම චාරිත්‍රය මනාලයාගේ ගෙදර මෙන්ම මනාලියගේ ගෙදරදී ද සිඳු වේ. එසේත් නැත්නම් දෙදෙනාම එක ගෙදරකදී හෝ පන්සලට ගොස් මෙම කාර්‍යය සිඳු කරනු ලබයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නිවසට ආරාධනා කිරීම එසේත් නැත්නම් යුවල පන්සලට ගොස් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුණගැසීම, පිරිත් සූත්‍ර වලින් ආශිර්වාද කිරීම
පිරිත් නූල් බැඳලා යුවල ආරක්ශා කර දෙන ලෙස සෙත් පැතීම එම නූලේ පිරිත් බලය පැතිර පවතින බවට ශ්‍රී ලාංකිකයන් අතර විශ්වාසයක් තිබීම.
ආගමික වශයෙන් මෙම චාරිත්‍රයේ ඇති අර්ථය
ආරක්ෂාව
ජිවිතයට එන නරක බලවේග, අසුභ දේවල් වලින් වැළැක්වීම.
මානසික නිදහස
විවාහයට කලින් යුවලට සැනැසිලිදායක් හැඟීමක් ලැබීම
පුණ්‍ය කර්මයක් විදියට ඇති වැදගත්කම
පිරිත් සජ්ජායනයෙන් අප ජීවිතයන්ට බොහෝ ආනිශංස ලැබෙන බවට ශ්‍රී ලාංකිකයන් විදියට අප තුල පවතින විශ්වාසය
විවාහ ජීවිතයට මෙම චාරිත්‍රයෙන් ඇති වැදගත්කම
ජීවිතේ නව ආරම්භයක් පටන් ගැනීමට පෙර ආශිර්වාද ලබා ගත යුතුයි කියන මතය අපේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා තුලම තියන ගැබ් වෙලා ඇති දෙයක් වේ.
දෙපාර්ශවයේ පවුල් එකතු වී සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරන අවස්ථාවලින් එකක් වේ.
“මේ සම්බන්ධයේ ආරම්භය වගේම එතනින් එහාට සිඳුවෙන සෑම දෙයක්ම සුභ විදියට ආරම්භ වෙන්න ” කියලා ආශිර්වාද ලබා ගැනීම
• බොහෝවිට විවාහයට එකට දිනයකට පෙර තමා මෙම කාර්‍යය සිදුකරනු ලැබේ.
• සවස් හෝ රාත්‍රී කාලයේ පිරිත් කියනු ලැබීම (රාත්‍රි කාලයේ සිඳු කෙරෙන පිරිත් බොහෝ වෙලාවක් පවති.)
පිරිත් සජ්ජායනයේ අවසානය
බොහෝ පවුල් විසින් භික්ෂූන් වහන්සේලාට දානයක් ලබා දීම
ආශීර්වාද ලබාගත් පසුව මනාල යුවලට පිරිත් නූල් දීම සිදු කෙරෙනු ලැබේ.
විවාහ උත්සවයට පෙර
මේ දේ සිඳු කරනු ලබන්නේ හිත නිදහස් කර, ජීවිතය ආශීර්වාදයෙන් පටන් ගන්න මොහොතක් සනිටුහන් කිරීමට. පිරිත් සජ්ජායනය චාරිත්‍රයක් පමණක්ම නෙවෙයි, එය ආශිර්වාදයක් ලෙස දැකීමටත් හැකියාව ඇත.
පිරිත් චාරිත්‍රය – විවාහයට පෙර යුවලට වාසනාවන්ත අනාගතයකට ආශීර්වාදය ලබා දෙන මොහොත, විවාහය කියන්නේ ජීවිත දෙකක් එකට බැඳෙන සුන්දර ආරම්භයක්
ඒ ආරම්භයට පෙර සිදු කරන පිරිත් චාරිත්‍රයෙන් අදහස් කෙරෙන්නේ සැනසීම, ආරක්ෂාව සහ ආශීර්වාදයෙන් පිරුණු පවිත්‍ර අවස්ථාවක් වේ. ස්වාමීන්වහන්සේලාගේ පිරිත් සජ්ඣායනාවන් නිවස පුරා පැතිරෙන්නේ සැනසීමේ ශක්තියයි. නව යුවලගේ ජීවිතයට සතුට, සමෘද්ධිය සහ ආදරය සදාකාලිකව ලැබේවා කියන ආශීර්වාදය වේ.
එම මොහොතේ හැම හදවතක්ම නිහඬව, ගෞරවයෙන් පිරෙන්නේ අලුත් ජීවිතයක ආරම්භය සලකුණු කරමින් වන අතර “ආශීර්වාදය ඇතිව ආරම්භ වෙන විවාහයක් යනු හැම අතින්ම පරිපූර්ණ සාර්තක විවාහ ජීවිතයකට මඟ පෙන්වන විවාහයක් වේ”.










