විවාහ වීමට නියමිත කාල පරාසයක් නැත; එය අපේ ජීවිතයේ කල්පණාකාරීව ගත යුතු තීරණයකි
ඔයත් තාම අවිවාහකද?
තාමත් ඔයාට ගැලපෙන විවාහ යෝජනාවක් එහෙම නැත්නම් ඔයාට ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් මුණගැහුනේ නෑ කියලා දුකින්ද ඉන්නේ?
ඔයාගේ “විවාහ වෙන්න ඕනේ කියලා වටේ පිටේ අය කියන වයස” පහු වෙලා කියලා ඔයාටත් හිතෙනවාද?
විවාහය කියන මාතෘකාවෙදි ඔයාගේ පවුලේ හරි සමාජයේ ඉන්න අය හරි කියන දේවල් අහලා ඇති වෙලාද?
විවාහය ජීවිතයේ අපි ගන්න තීරණ වලින් ගොඩක් හිතලා මතලා ගන්න ඕන තීරණයක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විවාහයට කියන මාතෘකාව ගොඩක් වැදගත් වගේම ගොඩක් කතා බහට ලක්වෙන දෙයක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ විවාහයට විශේෂ තැනක් ලැබෙන්නේ ඒක සංස්කෘතිමය විදියට වගේම සාම්ප්‍රදායික විදියටද ශ්‍රී ලාංකිකයන්ට වැදගත් නිසා. නමුත් මතක තියා ගන්න: විවාහයට කාල පරාසයක් වෙන් කරලා නෑ, එහෙම තියනවා නම් තියෙන්නේ සමාජයේ ඉන්න අයගේ මතේට අනුව එයාලා නියම කරලා තියන කාල පරාසය. විවාහ වෙන්න නිසි වයසක් නෑ වගේමයි, ඒ තීරණය ගන්න අපි ඒ දේට සූදානම් කියලා අපිට දැනෙන්න ඕනේ. ඒ වගේමයි විවාහය කියන දේට යන්න අපිට ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් ඉන්නත් ඕනේ.
ඔයාගේ යාළුවොත් දැනටමත් විවාහ වෙලා හරි විවාහ ගිවිස ගෙන හිටියත් ඔයා ඒකට තාම සුදානම් නෑ කියලා හිතෙනවා නම්, ඒ වගේම විවාහයකට යන්න තරම් සුදුසු සහකරුවෙක්/සහකාරියක් හරි ඔයාට තාම ලැබිලා නැත්නම්, ඔයා ඒ තීරණය ගන්න හදිස්සි වෙන්න එපා. අපේ ජිවිතයේ හැම දේකටම නියමිත කාලයක් තියනවා ඒ වගේම තමයි හැම දෙයක්ම අපිට ඕනේ විදියට සිද්ද වෙන්නේ නෑ, එක එක අයට එක එක දේවල් සිද්ද වෙන කාල පරාස වෙනස්. හදිස්සි වෙලා තමන්ට ගැලපෙන්නේ නැති විවාහයකට යනවට වඩා හොඳයි තමන් සූදානම් කියලා දැනුනාම, ඒ වගේම තමන්ට හරියටම හරි කියලා හිතෙන සහකරුවෙක්/සහකාරියක් ලැබුනාම විවාහ වෙන එක. ඉතින් ඔයත් ඔයාගේ විවාහය පරක්කුයි කියලා දුකෙන් කලබලෙන් ඉන්න එපා. මොකද මේ තීරණේ ගොඩක් කල්පනාවෙන් ගන්න ඕනේ තීරණයක්. ඔයාගේ අම්මා තාත්තා කියන නිසාවත් සමාජේ ඉන්න අය කියන නිසාවත්, ඔයාගේ යාළුවෝ දැනටම විවාහ වෙලා නිසාවත් ඔයා මේ තීරණේ ගන්න ඕනේ නෑ. කලබල වී විවාහ වන්නා නිවි සැනසිල්ලේ පසුතැවේ කියලා කතාවක් අහලා තියනවා නේද?
ඔයාට ගැලපෙන කෙනෙක් තාම හමුවුණේ නැත්නම්, එහෙමත් නැත්නම් ඔයා විවාහයකට තාම සූදානම් නෑ වගේ දැනෙනවා නම්, ඔයා ඔයාගේ බලාපොරොත්තු, සිහින වෙනුවෙන් කැප වෙන්න, ඔයාගේ අම්මලා තාත්තලා ඔයා වෙනුවෙන් දැකපු හීන වෙනුවෙනු කැප වෙලා වැඩ කරන්න. ජීවිතේ වෙන්න ඕනේ දේවල් හරි කාලෙදී සිද්ද වෙයි. ඒ වගේම තමයි දැන් හැම දෙයක්ම තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තියනවා, ඉතින් ඔයාට ගැලපෙන කෙනෙක් හොයා ගන්නත් ඕනේ තරම් ක්‍රම සහ විධි තියනවා. ඉස්සර නම් මංගල යෝජනා අරගෙන ආවේ සාම්ප්‍රදායික විදියට, ඒත් දැන් ඒකත් නවීන තාක්ෂණයත් එක්ක ලේසි වෙලා තියනවා. Poruwa.lk online මංගල යෝජනා සේවාව තමයි ඒකට හොඳම උදාහරණය. Poruwa.lk එකේ තියන නවතම ක්‍රමවේදත් එක්ක ඔයාගේ පෞද්ගලිත්වයත් ආරක්ෂා කරගෙන ඔයාට ගැලපෙනම කෙනා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාටත් දැන් හිතෙනවාද ඔයා විවාහ වෙන්න සූදානම් කියලා, හැබැයි තාම හරියන කෙනෙක් හම්බුනේ නැද්ද? එහෙනම් ඇයි තවත් බල බල ඉන්නේ. ඔයාට ගැලපෙනම option එක ඔයා ලඟමයි තියෙන්නේ, මොකද Poruwa.lk එකේ තියන filtering options වලින් ඔයාට හරියනම කෙනාව filter කරලා හොයා ගන්න පුළුවන්. එහෙනම් ඔයත් අදම එන්න Poruwa.lk එකට, ඇවිල්ලා ලේසියෙන්ම, කලබලයක් නැතුව හිමීට ඔයාට ගැලපෙනම කෙනාව හොයා ගන්න.













