• Home
  • Interviews
  • පෝරුව.lk හි මිලියනයේ කතාව
A podium displaying the number one, surrounded by red ropes, symbolizing victory and achievement.

පෝරුව.lk හි මිලියනයේ කතාව

මොකක්ද මේ මිලියනය?

මිලියනය කී සැනින් ඔබේ සිතට විව්ධ දේ ගැන අදහස් එනු නොඅනුමානය. නමුත් අපි අද කතා කරන්නේ පෝරුව.lk හි මිලියනය ගැනයි. වසර 4 ක කාලයක් පුරාවට නව තාක්ෂණය මඟින් විශ්වාසය පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් ගැලපෙන හදවත් එකට එක් කොට පියවරෙන් පියවර ඉදිරියට ආ අපි මේ වන විට මංගල ගැලපුම් මිලියනය පසු කර හමාරය. මෙවැනි දැවැන්ත ජයග්‍රාහී පියවරක් පසු කිරීමේ සතුට අපි ඔබ සමඟ බෙදා ගැනීමට තීරණය කලේ ඔබද මෙම සතුටෙහි කොටස්කරුවක් වන නිසාවෙනි.

මේ ගැන කතා කිරීමට, මේ ජයග්‍රහණය පිටුපස සිටින, සහ මේ ගැන කතා කිරීමට වඩාත් ගැලපෙන දැවැන්ත චරිතයක් වන පෝරුව.lk හි සන්නාම ප්‍රධානී වන ඉෂාර ලඛ්ත සමඟ යෙදුණු සුහද කතා බහ මෙයට එකතු කරමින් මෙම ලිපිය ලිවීමට මා තීරණය කරනු ලැබූවේ එය තව තවත් රසවත් කිරීමට ය. 

ඉතින්, මේ පෝරුව.lk හි අපගේ මිලියනයේ කතාවයි:

පෝරුව.lk හි සන්නාම ප්‍රධානී වන ඉෂාර ලඛ්ත සමඟ යෙදුණු සුහද කතා බහ මඟින් උපුටා ගැනීම

1. ඔබ ගැන කෙටි හැඳින්වීමක්?

මම ඉෂාර ලඛිත. මගේ වයස 27. දැනට මම පෝරුව.lk හි සන්නාම ප්‍රධානී විදියට වැඩකටයුතු කරන අතරම පාරිභෝගික සහාය කණ්ඩායම ද හසුරුවනවා. දැනට මම පෝරුව.lk එකත් සමඟ සම්බන්ද වෙලා අවුරුදු 4ක් සම්පුර්ණ වෙන්න එනවා.

2. මංගල ගැලපීම් මිලියනයක්(one million matches) මේ වනවිට සම්පූර්ණ කිරීම සම්බන්ඳයෙන් ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?

මේ අවස්ථාව ඇත්තටම අපි හැමෝටම නිහතමානී ආඩ්ම්බරයක් දැනුණු මොහොතක්. පෝරුව.lk හි අපේ දැක්ම වුණේ අපේ පාරිභෝගිකයන්ට තමන්ට ගැලපෙනම සහකරු/සහකාරිය සොයා ගන්න විශ්වාසදායක වේදිකාවක් ගොඩනඟන එක.මිලියනයක මංගල ගැලපීම් ජයග්‍රාහී ලෙස පසු කිරීම යනු අප මිලිනයක සබඳතා ගොඩා නඟා ඇති අතර ඒ සමඟම අප ඉටු කර ඇති කාර්‍යභාර්‍ය අනුව අපට අතිමහත් ආත්ම තෘප්තියක් ලබන්න හැකියාව ලැබිලා තියනවා ඒ සියල්ල මේ තරම් දුරකට සාර්ථක වෙලා තියන නිසා. ඒ ආත්ම තෘප්තිය වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම්. 

3. පෝරුව.lk හි පාරිභෝගිකයන් සමඟින් ඉතා සමීපව කටයුතු කිරීමේදී ඔවුන්ගේ අවශ්‍යතා අනුව ඔබ සේවය සපයන්නේ කෙසේද? සේවයේ නිරත වන විට ඔබට සිඳු වූ රසවත්, අමතක නොවන සිඳුවීම් මොනවාද?

පෝරුව.lk හි අපි සියල්ලටම ප්‍රථම අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වලට හොඳින් ඇහුම්කන් දෙනවා, ඒ කියන්නේ එයාලට අවශ්‍ය ආකාරයට එයාලගේ  පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතු ආකාරය, ඒ සඳහා අපේ සේවාව තුල ඇති verify කරන ලද account , හෝ අපි අපේ පාරිභෝගිකයන්ට වෙන වෙනම සහාය එයාලාට අවශ්‍ය ආකාරයට සපයනවා. ඒ වගේම අපි පාරිභෝගිකයන්ගෙන් ලැබෙන feedback වලට අනුව අපේ සේවාවෙ තියන features වෙනස් කරනවා. ඒක අපි කරන්නේ අපේ පාරිභෝගිකයෝ ගැන හිතලා. 

මට වැඩියෙන්ම අමතක නොවන සිදුවීමක් තියනවා, ඒක තමයි මට එක දවසක් දුරකථන ඇමතුමක් ලැබුනා අම්මා කෙනෙක්ගෙන්, එතුමියගේ දුවට හරියනම කෙනා අපේ සේවාව තුලින් ලැබුනා කියලා ඇයගේ සතුට අපිත් එක්ක බෙදා ගන්න තමයි අපිට කතා කලේ. ඇය පුදුම තරම් සතුටකින් කතා කලේ කියලා ඒ කතා කරපු විදියෙන් මට තේරුණා, ඒ වෙලාවේ ඇයට වගේම අපේ කණ්ඩායමටත් ගොඩක් ලොකු සතුටක් දැනුනා මොකද අපි හැමතිස්සේම වෙහෙස වෙන්නේ අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කරලා දීලා එයාලාව සතුටු කරන්න. ඒක අපිට අමතක නොවන සිඳුවීමක් වුණා මොකද අපිට හැමදේටම වඩා වටින්නේ අපෙන් සේවාව ලබා ගන්න අපේ පාරිභෝගිකයන්ව, සහ ඒ ආකාරයේ සිඳුවීම් කිහිපයක්ම අපිට සිඳු වෙලා තියනවා, පාරිභෝගිකයන් සම්බන්ඳ හැම ඒ සිඳුවීමක්ම අපිට විශේෂයි. 

4. ඔබේ අදහසට අනුව, මේ වගේ සංදිස්ථානයක් පහු කරන්න හේතු වුණු පෝරුව.lk හි ඇති විශේෂතා මොනවාද?

පෝරුව.lk කියන අපේ මංගල යෝජනා සේවයේ තියන සුවිශේෂිම දේ තමයි අපිත් එක්ක සම්බන්ඳ වෙන අපේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් අපේ කණ්ඩායම දරණ වෙහෙස. අපේ ක්‍රමවේදය ඇතුලේ අපි හඳුන්වලා දීලා තියනවා verified profiles, identity verification, controlled profile visibilty ඒ කියන්නේ අපේ සේවාව ඇතුලේ තියන ගිණුම් හැමෝටම දකින්න ලැබෙන්නේ නෑ, ඒ වගේ security features ගොඩක් අපේ සේවාව තුල තියනවා. වෙනත් වචනෙකින් කියනවා නම් අපේ සේවාව තුල සෑම පාරිභෝගිකයෙක්ම ආරක්ෂිතයි, කිසිම කෙනෙක්ට ආරක්ෂාව ගැන පොඩි හරි බයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ. ඒ වගේමයි අපේ පාරිභෝගික සහාය කණ්ඩායම හැම පාරිභෝගිකයෙක්වම මඟ පෙන්වලා ඔවුන් එකිනෙකා වෙනුවෙන් කරන කැපවීම් වචනයෙන් කියලා විස්තර කරන්න බැරි තරම්. අපේ සේවාව ශ්‍රී ලාංකික විවාහ මංගල සේවාවක්, ඒ අනුව අපි අපේ සේවාව තුල හැම දෙයක්ම සිඳු කරන්නේ අපේ තියන සාම්ප්‍රදායට, සංස්කෘතියට අනුකූලව.  මොකද ශ්‍රී ලාංකිකයින් විදියට අපිට ඒ දේවල් ගොඩක් වටින නිසා.

5. මෙම මංගල ගැලපීම් මිලියනයක් පසුකිරීමේ ජයග්‍රාහී මාවතේ තිබූ අභියෝග සහ හැරවුම් ලක්ෂ මොනවාද?

මෙම සේවාව ආරම්භයේදිම අපිට තිබුණු ලොකුම ගැටලුවක් තමයි online මංගල යෝජනා සේවාවක් ගැන මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් කොහොමද ගොඩනඟන්නේ කියන එක. බොහෝ දෙනා මුල් කාලයේ මේ වගේ සේවාවක් පිළිගන්න අදිමදි කලා, ඔවුන් බොහෝ විට online සේවාවන්ට වඩා විශ්වාස කලේ offline සේවාවන්. මොකද බොහෝ අයට online  සේවාවන් ගැන විශ්වාසයක් ගොඩනැඟිලා තිබ්බේ නැති නිසා. ඒ නිසා අපිට සිද්ධ වුනා ඔවුන් අපිත් සමඟ ආරක්ෂිතයි කියලා පෙන්නන්න verification සහ privacy features වලට වැඩියෙන් අවධානය යොමු කරන්න. අපේ සාර්ථක ගමනේ තිබුණු එක හැරවුම් ලක්ෂයක් තමයි අපගේ සේවාව තුළ ID verification සහ virtual agent කියන features හඳුන්වා දීම. Virtual agent සේවාව මඟින් දුරකථන ඇමතුම් දීලා අපේ සේවාවේ ගිණුම් හදපු පාරිභෝගිකයන්ට එහෙමත් නැත්නම් දෙමව්පියන්ට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා එහෙම නැත්නම් අපගේ නියෝජිතයෙක් ඔවුන්ගෙන් තොරතුරු ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට ගිණුමක් හැදුවා. මේ දේවල් වලින් පාරිභෝගිකයන්ට අපි ගැන තියන විශ්වාසය වැඩි වුණා. ඊට පස්සේ බොහෝ දෙනා අපි ගැන අපේ සේවාව ගැන කතා කරන්න අරගෙන ඒ විදියටත් අප වෙත පාරිභෝගිකයෝ තව තවත් එන්න පටන් ගත්තා. ඒ විදියට තමයි අභියෝග මැදින් අපි අපේ ගමන මේ දක්වා ආවේ.  

6.ඔබ මෙම සේවාව තුළ ඇති ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ විශ්වාසය තහවුරු කරන්නේ කෙසේද?

ආරක්ෂාව පෞදගලිකත්වය තමයි අපේ සේවාවේ ප්‍රධානම හරය. අපි පෝරුව.lk හි භාවිතා කලේ advanced encryption, data protection policies, සහ manual profile reviews. අපේ ID verification ක්‍රමවේදය හරහා ව්‍යාජ ගිණුම් ප්‍රමාණය අඩු වෙලා අව්‍යාජ ගිණුම් තව තවත් වැඩි වුණා. ඒ වගේම පාරිභෝගිකයන්ටත් හැකියාව ලැබුනා ඔවුන්ගේ ගිණුම් වල පාලනය ඔවුන් අතට අරගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට එය හසුරවන්න. 

7. මෙම ජයග්‍රහණය පිටුපස පෝරුව.lk හි සේවය කරන කණ්ඩායමෙහි ඇති කැපවීම ගැන සඳහනක් කලොත්?

මේ ජයග්‍රහණය පිටුපස ඉන්න අපේ කණ්ඩායම අපේ සේවාවේ හඳවත කියලා කිව්වොත් මං නිවැරදි. Software Developer ගෙන් පටන් අරගෙන, marketing team එක සහ පාරිභෝගික සහායක කණ්ඩායම දක්වා, හැමෝම එකම අරමුණක් වෙනුවෙන් කැප වෙනවා. ඒ සියලු දෙනාටම අවශ්‍ය ඔවුන්ගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ සේවය සපයලා ඔවුන්ට ගැලපෙන අව්‍යාජ සම්බන්ඳතා ගොඩනඟා ගන්න සහාය ලබා දෙන්න. ඔවුන් ඔවුන්ගේ මහන්සිය ගැන වත් නොතකා තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් කැපවෙන්නේ. අලුත් දෙයක් මෙම සේවාවට එකතු වෙනවා නම් හෝ දුරකතන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මඟින් පාරිභෝගිකයන්ට යම් කිසි සහයක් අවශ්‍ය නම් හෝ වෙන යම් සංවේදී අවස්ථාවක් වෙනුවෙන් හෝ ඔවුන් ඕනෑම අවස්ථාවක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙම කැපවීම් තුළින් තමයි අප වෙත එන පාරිභෝගිකයන්ගේ අප කෙරෙහි තියන විශ්වාසය සහ ආදරය ගොඩනැඟුනේ කියලා මගේ අදහස. 

8. මෙම ජයග්‍රහණයෙන් පසුව ඔබට පෝරුව.lk හා සම්බන්දව ඇති අනාගත ඉලක්ක මොනවාද?

මේ  ගැලපුම් මිලියනය පසු කරපු කඩයිම අපේ ආරම්භයක් විතරයි.අපි අපේ සේවාව ජාත්‍යන්තර වශයෙන් අනෙකුත් රටවල් තුළ සිටින ප්‍රජාවට ව්‍යාප්ත කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අපි දැනට mobile app එක දියුණු කිරීමේ කාර්‍ය්යෙත් වැඩ කරගෙන යනවා, පුද්ගලානුරෝපිත මංගල ගැලපීම් සේවාවක් ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේමයි premium features මඟින් තව තවත් අපේ සේවාව වැඩි දියුණු කරලා තවත් සාර්ථක විදියට මේ ගමන ඉදිරියට යන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ සියල්ලලටම ප්‍රථම ආරක්ෂිත, පුද්ගලික, සහ සාම්ප්‍රදායික වශයෙන් ගෞරවනීය සේවාවක් ලබා දෙමින් ඔනෑම කෙනෙක්ට තමන්ට ගැලපෙනම සහකරු/සහකාරිය සොයා ගන්න සහය දක්වන එක තමයි අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව. 

Related Posts

A traditionally dressed Sri Lankan wedding couple holds hands on a scenic rocky overlook, surrounded by misty green hills, capturing the romance and beauty of a Poruwa ceremony and Sri Lankan wedding celebration.

An Interview with “Gayan Lalinda”, owner of “Infinity Moments LK” Photography

In this exclusive interview, Gayan Lalinda, owner of Infinity Moments LK Photography, shares his journey in wedding photography,…

ByByPraboda Sandeepani Sep 4, 2026
A Kerala wedding photographer capturing a couple's special moments in Dubai, featuring traditional wedding attire, colorful decorations, and a vibrant celebration backdrop filled with cultural elegance and emotions.

An interview with Dilina Gunasekara, owner & lead photographer of “The Poet Weddings”

Every wedding has a unique story waiting to be told through the lens of a skilled photographer. In…

ByByPraboda Sandeepani Jul 31, 2026
Collage showcasing elegant and creative wedding cake designs for luxury weddings, marriage celebrations, and poruwa ceremony traditions in Sri Lanka, featured on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for mangala yojana, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, Lanka brides and grooms, Buddhist matrimony, and Catholic marriage proposals.

An Interview with the owner of Sugar Frill Cake Shop – ‍Mrs. Ann Helan Orancy…

Read the inspiring story of a talented cake designer and her journey of turning passion into a successful…

ByByPraboda Sandeepani Mar 5, 2026
Grandeza Hotel & Spa in Kochi, a luxury destination for matrimony Sri Lanka weddings, Poruwa ceremony celebrations, and marriage proposals in Sri Lanka featured on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, wedding proposal website, lanka brides and grooms, lankamatrimony, and Buddhist matrimony platforms.

An interview with Keith Rogers Isaacs, General Manager of Grandeeza Hotel

Keith Rogers Isaacs opens up about hosting unforgettable weddings and delivering exceptional experiences at Grandeeza Hotel.

ByByPraboda Sandeepani Feb 6, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top