අප ගියවර සාකච්ඡා කල පරිදි විවාහකදී සිදු කෙරෙන අපේ විවාහ චාරිත්‍ර අතුරින් පළමුව සිදුකෙරෙන්නේ පොරොන්දම් බැලීමයි. පොරොන්දම් ගැලපීමෙන් පසුව දෙපාර්ශවයම එයින් සෑහීමකට පත්වන්නේ නම් මීළඟට සිදුකෙරෙන්නේ පවුල බලන්නට යෑම නැතහොත් බත – බුලත් කෑමයි. එහිදී සිදුවන්නේ විවාහය තීරණය කිරීමට ප්‍රථම මනාල පාර්ශවයෙන් මනාලියගේ නිවසට පැමිණීමයි. පෝරුව.lk (Poruwa.lk) මඟින් ඔබට ශ්‍රී ලාංකික මංගල යෝජනා, විවාහ යෝජනා, මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සේවාවන් ලබා දීමට හැකියාව ඇත.
යෝජිත විවාහකදී නම් මනාලිය පළමුවරට දකින්නේ මෙදිනටයි. නමුත් ඊට ප්‍රථම මනාලය හොදින් දැන හඳුනාගෙන සිටියත් තවමත් සිරිතට අනුව පවුල බලන්නට යෑම සිද්ධ වෙනවා. මනාලියගේ මව විසින් එදිනට සිය දියණිය මනා ලෙස සරසා බුලත් හෙප්පුවක් අතට දී මනමාල මහතා ප්‍රමුඛ ඥාතීන්ට ආචාර කිරීම එදා සිට පැවත එන සිරිතයි. මෙහිදී මනාලිය විසින් බුලත් හෙප්පුව පිළිගැන්වීමේ ස්වරූපයෙන් ඇගේ ගති ස්වභාවය තීරණය කිරීමට පැරැන්නෝ පුරුදුව සිටියහ. මනාලියගේ වත් පොහොසත් කම් මැන බැලීමට ද බුලත් හෙප්පුව උපයෝගි කර ගත් බව දක්‌නට ඇත. බුලත් හෙප්පුව අවශ්‍ය සියළුම කළමනාවන්ගෙන් පරිපූර්ණ නම් එම පාර්ශවය වත්පොහොසත් වැදගත් අය ලෙස සැලකීමට අපේ පැරැන්නන් පුරුදු වී ඇත. තවද හෙප්පුව රැගෙන මනාලයාගේ ඉදිරියට එන මනාලියගේ චරිතය ක්‍රියා කලාපය පිළිබඳව යම් නිගමනයකට එළඹීමට ද පැරැන්නන් පුරුදුව සිටිය බව පෙනේ. පෝරුව.lk (Poruwa.lk)මඟින් ඔබට ශ්‍රී ලාංකික මංගල යෝජනා, විවාහ යෝජනා, මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සේවාවන් ලබා දීමට හැකියාව ඇත.
මෙසේ මනාලයාගේ පාර්ශවය විසින් මනාලියගේ නිවසට පැමිණ ඔවුන් හා සතුටු සාමිචියේ දීමෙන් පසුව දෙපාර්ශවයේම අතර පැහැදීමක් ඇති වුනොත් මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පවුල බලන්නට යෑමත් විවාහ සම්ප්‍රදායක් වේ. මෙහිදී මනාලිය ඵම ගමනට සහභාගි නොවේ. පවුලේ වැඩිහිටි ඥාතීන් මනාලයාගේ ගෙදරදොර බැලීමට යෑමෙන් පසු තමන්ගේ අදහස්, තරාතිරම ගැලපෙනවා යයි සිතෙනවා නම් දෙපාර්ශවය අතර විවාහය සඳහා එකඟත්වයක් ඇති වේ. එයින් අදහස් වෙන්නේ දැන් සියල්ල තීන්දු වී ඇති බවයි. මෙසේ සියල්ල තහවුරු වීමෙන් අනතුරුව මීළඟ කටයුත්ත වන්නේ විවාහයට දින නියම වීම සහ අදාල සිරිත් වෙනුවෙන් නැකැත් පත්‍රය සැදීමේ කටයුත්තයි. අපි ඒ පිළිබඳව මීළඟ පෝරුව.lk (Poruwa.lk)සඟරාව තුලින් කතා බහ කරමු. පෝරුව.lk (Poruwa.lk)ඔබට ශ්‍රී ලාංකික මංගල යෝජනා, විවාහ යෝජනා, මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සේවාවන් ලබා දීමට හැකියාව ඇත.












