• Home
  • Relationship Advices
  • දෙමව්පියන් විදියට තම දරුවන් සමඟ විවාහය ගැන සාකච්ඡා කරන විට සාකච්ඡා කල යුතු ආකාරය
Two Sri Lankan men engaged in a thoughtful conversation while sitting on a couch in a cozy living room, discussing marriage proposals and family matters.

දෙමව්පියන් විදියට තම දරුවන් සමඟ විවාහය ගැන සාකච්ඡා කරන විට සාකච්ඡා කල යුතු ආකාරය

විවාහය කියන්නේ අපි හැමෝටම ගොඩක් වැදගත් මාතෘකාවක්, ඒ වගේම නිසි වයස ආවාම හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන්ගේ විවාහය ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ දරුවන්ට ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් හොයන්න පටන් ගන්නවා, දරුවොත් එක්ක ඒ ගැන කතා බහ කරනවා. නමුත්, මේ කතාබස් වලදී බොහෝමයක් ශ්‍රී ලාංකික පවුල් ඇතුලේ හිත් අමනාපකම් ඇති වෙනවා, කතාබහ දුරදිඟ ගිහින් දෙමවිපියන් සහ දරුවන් අතර දුරස්ථ බවක් ඇති වෙනවා. ඉතින් මේ විවාහය ගැන සිඳු වෙන සාකච්ඡා දෙමව්පියන් විදියට හරිම පරිස්සමෙන් කරන්න ඕනේ දේවල්. මොකද, දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන්නේ මේ ලෝකේ වැඩියෙන්ම වටින බැඳීමක්, ඒ බැඳීම කිසිම දෙයක් නිසා නැති වෙලා යන්න හොඳ නෑ. දරුවෝ දෙමව්පියෝ ගැන වැරදි වැටහීම් ඇති කර ගන්න හොඳ නෑ වගේම දෙමව්පියෝත් දරුවෝ ගැන වැරදි වැටහීම් ඇති කර ගන්න හොඳ නෑ. ඉතින් මේ බැඳීම ඒ විදියටම ආරක්ෂා කරගෙන දරුවන් එක්ක විවාහය ගැන සාකච්ඡා කරන්න ඕනේ විදිය ගැන දෙමව්පියන්ට අපි කියලා දෙන්නම්. 

මේ ගැන සාකච්ඡා කරන්න සුදුසුම වෙලාවක් තෝරා ගන්න. 

A cheerful family gathered on a couch sharing a joyful moment, with a man in glasses holding a tablet, a smiling woman in pink, and a young man leaning over, representing family values, togetherness, Sri Lankan matrimony, matrimony Sri Lanka, marriage proposals in Sri Lanka, mangala yojana, buddhist matrimony, catholic marriage proposals, Lanka brides and grooms, poruwa ceremony traditions, and trusted matchmaking through Poruwa.lk, lankamatrimony, purahanda lk, and liyathabara marriage proposals in Sri Lanka.

විවාහය ගැන ඔයාලාගේ දරුවොත් එක්ක ඔයාලාට කතා කරන්න හෑම වෙලාවක්ම සුදුසු නෑ. ඒකට සුදුසු වෙලාවක් තෝරා ගන්න පුලුවන් දෙමව්පියන් වෙන ඔයාලාටමයි. මොකද ඔයාලාගේ දරුවෝ ගැන ඔයාලා තරම් දන්න වෙන කෙනෙක් ඉන්නවද? ඉතින් එයාලා නිදහසේ ඉන්න වෙලාවක් මේකට තෝරා ගන්න. මෙවැනි කාරණා මතභේදාත්මක අවස්ථා වල සාකච්ඡා කරන්න හොඳ නෑ. මොකද මෙවැනි මාතෘකාවක් සාකච්ඡා කරන්න ඕනේ, කිසිම ප්‍රශ්නයක් නැති නිරවුල් වෙලාවක. ඒ වගේම ඔයාලාගේ දරුවෝ මොකකට හරි stress වෙලා ඉන්නවා නම්, ඒ වගේ වෙලාවල් වල මේ වගේ දේවල් කතා කරන්න යන්න එපා. මොකද ඒ stress එකත් එක්ක මේ දේත් එයාලාට තවත් stress එකක් වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් මේ ගැන කතා කරන්න යොදා ගන්න. ඒ වගේම මේ සාකච්ඡාව ස්වාභාවික එකක් බවට පත් කර ගන්න, දරුවන්ට ඒක තවත් එක පවුල් සාකච්ඡාවක් කියලා ඒත්තු ගන්වන එක තමයි ගොඩක් හොඳ මොකද එහෙම නැති වුනොත් එයාලා මේ ගැන අනවශ්‍ය පීඩනයක් හිතේ තියා ගන්න උත්සාහ කරයි, මේ වගේ මේ සාකච්ඡාව ඇතුලේ අණ දීම් වගේම, භයානක ස්වරයකින් එයාලාත් එක්ක කතා කරන්න යන්න එපා. දෙමව්පියන් විදියට මේ සාකච්ඡාවේදී ඔයාලා කියන දේ වගේම එයාලා කියන දේටත් ඇහුම්කන් දෙන්න. මේ වගේ පියවරයන් අනුගමනය කලාම ඔයාට වගේම එයාලාටත් එතකොට නැවතත් විවාහය ගැන එකිනෙකා අතර සාකච්ඡා ගොඬ නඟන්න බයක්, අපහසුතාවයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම දරුවෝ සහ දෙමව්පියෝ අතර තියන බැඳීමත් ශක්තිමත් වෙනවා. 

මුලින්ම තමන්ගේ දරුවන්ගේ පැත්තෙන් විවාහය දිහා බලලා එයාලාව තේරුම් ගන්න.

මුලින්ම එයාලා විවාහය ගැන හිතන්නේ කොහොමද කියලා අහලා දැන ගන්න. එයාලාට තියන අනාගත බලාපොරොත්තු ඒ වගේම වෘත්තීමය ජීවිතයේ තියන අනාගත ඉලක්ක මොනාද කියලා තේරුම් ගන්න. එයාලා තාම විවාහයකට සුදුසු නෑ කියලා කියනවා නම් ඒකට ගරු කරන්න. දෙමව්පියන් විදියට දරුවන්ගේ පැත්තෙන් හිතලා බලන්න, එතකොට එයාලාව තේරුම් ගන්න ලේසි. ඔයාලා කතා කරනවාට වඩා එයාලාට හොඳින් ඇහුම්කන් දෙන්න. එයාලාට එයාලාගේ හිතේ තියන දේවල් ඔක්කොම කියන්න දෙන්න, ඒ කතාව අතර මැදින් මුකුත් කියන්න යන්න එපා. ඒ කතාව ඉවර වුනාට පස්සේ ඔයාලාගේ අදහසත් ඔයාලා එයාලා කියන්න. මොකද හැම දරුවෙක්ම කැමති එයාලාගේ අම්මලා තාත්තලා එයාලා කියන දේට හොඳින් ඇහුම්කන් දෙනවා නම්. මොකද දෙමව්පියෝ ඇහුම්කන් දෙනවා කියලා තේරුනාම දරුවෝ ගොඩක් කතා කරනවා. ඉතින් එයාලාට ඇහුම්කන් දීලා එයාලාගේ හිතේ ඔයාලා ගැන විශ්වාසයක් ඇති කරන්න. 

පීඩණයක් ගොඬනඟන්න එපා මානසික වශයෙන් ඔවුන්ව blackmail කරන්නත් එපා

A man and woman confronting a young woman in a tense and emotional discussion, representing relationship challenges, family expectations, marriage proposals in Sri Lanka, Sri Lankan matrimony, mangala yojana, catholic marriage proposals, buddhist matrimony, and social pressures faced by Lanka brides and grooms in modern matchmaking and matrimonial relationships.

වෙනත් අය එක්ක සසඳන්න යන්න එපා. එයාලාගේම වයසේ ඉන්න එයාලාගේ යාළුවෝ,නෑදෑයෝ ගැන කියලා එයාලා ගැන පහත් කරලා කතා කරන්න එපා. ඒ කරන බලපෑමෙන් එයාලාගේ මුළු ජීවිතයම කඩා වැටෙන්න පුළුවන්. “ ඔයාලාගේ වයසේ හැමෝම කසාද බැඳලා” වගේ දේවල් කියන එකෙන් වළකින්න. ඔවුන්ගේ වයස ගැන කියලා, සමාජෙ ගැන කියලා එයාලාගේ හිතේ පීඩණය ඇති කරන්න යන්න එපා. මේ දේවල් වලින් වැළකිලා ඔයාලා එයාලාගේ safe place එක බවට පත් කරන්න. දරුවෝ විදියට එයාලාට හැම දෙයක්ම තමන්ගේ දෙම්ව්පියන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ. 

විවාහය කියන්නේ මොකක්ද කියලා හරියාකාරව දරුවන්ව දැනුවත් කරන්න, ඒක නිකම්ම මංගල උත්සවයක් නෙමෙයි කියන අවබෝධය ලබා දෙන්න. 

විවාහය කියන මාතෘකාව ඇතුලේ තියන යුතුකම් වගකීම් හැම දෙයක් ගැනම කියලා දෙන්න. ඒ වගේම විවාහ ජීවිතයක් සාර්ථකව ගෙනියන ආකාරය වගේම, තමන් විවාහ වෙන කෙනත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන ආකාරය වගේම එකිනෙකාට ගරු කල යුතු ආකාරයත් උගන්වන්න. ඒ විතරක් නෙමෙයි මූල්‍යමය පැත්තෙනුත් ශක්තිමත්ව වගේම මානසික වශයෙනුත් ශක්තිමත්ව පවුල් ජීවිතයක් අරගෙන යන ව්දිය ගැන එයාලාට දැනුවත් කරන්න. ඊට අමතරව විවාහයකදී දෙදෙනා අතර මනා සන්නිවේදනයකින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය දේවල ගැන පැහැදිළි කරන්න. 

එයාලාගේ තීරණ වලට ගරු කරන්න. 

විවාහය යෝජිත විවාහයක් වුනත් ආදර සම්බන්ධයකින් පටන් ගන්න විවාහයක් වුනත් දරුවන්ගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න. ඔවුන්ව විනිශ්චය කරන්න හදිසි වෙන්න එපා. ඔවුන්ට ඒ තීරණය ගන්න හේතුවක් තියෙන්න පුළුවන්, ඒ හේතුවට ඇහුම්කන් දෙන්න. තමන් තෝරා ගන්න සහකරු/සහකාරියගේ ආගම, වෘත්තීය, අධ්‍යාපන තත්ත්වය තීරණය කරන්න ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. ඒ තීරණ වලට ගරු කරන්න. එයාලාට ගැලපෙන සහකරු/සහකාරිය තෝරා ගන්න ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. 

ඔවුන්ගේ බලාපොරොත්තු ගැන පැහැදිළිව සාකච්ඡා කරන්න. 

මෙවැනි සාකච්ඡා වලදී දරුවන් බලාපොරොත්තු වන්නේ මොන වගේ සහකරුවෙක්ද සහකාරියක්ද යන්න ඔවුන්ගෙන් විමසා දැන ගන්න. ඒ වගේම ඔබේ බලාපොරොත්තු කෙසේද යන්න ඉතා සං‍යමයකින් යුතුව සහ විශ්වාසයෙන් යුතුව ඔවුන්ට කියන්න. මේ සම්බන්ධයකින් සාකච්ඡා කිරීමේදී පවුල් අඟයන් මෙන්ම පෞද්ගලික සතුට සමබරව පවත්වා ගන්න උත්සාහ කරන්න. මෙවැනි සාකච්ඡා වලින් දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමක් කර ගත හැකිය.

විවාහය සම්බන්ඳ කාරණා වලදී ඔවුන්ට පීඩණයක් නොවී සහයක් වන්න. 

Three people sitting at a dining table smiling and conversing in a warm and welcoming atmosphere, with wine glasses and salad on the table, representing family bonding, Sri Lankan matrimony, marriage proposals in Sri Lanka, mangala yojana, buddhist matrimony, catholic marriage proposals, Lanka brides and grooms, and meaningful relationships built through trusted matchmaking platforms like Poruwa.lk.

විවාහය වගේ කාරණා වලදී දරුවන්ට අනිත් හැම දේටම වඩා එයාලාගේ සතුට තමයි වැදගත් කියලා තේරුම් කරන්න, දෙමව්පියන් විදියට ඔයාලාටත් දරුවන්ගේ සතුට තරම් වටින දෙයක් නෑ කියලා එයාලාට තේරුම් කරන්න. ඒ විතරක් නෙමෙයි, දෙමවුපියන් විදියට ඔයාලා එයාලාව පාලනය කරන්න යන්න එපා, ඒ වෙනුවට එයාලාගේ ශක්තිය වෙන්න. දරුවෙක්ට එයාලාට ඕනේ ඕනෑම වෙලාවක දෙමව්පියන් විදියට ඔයාලා ඉන්නවා කියලා දැනුනාම එයාලා කිසිම දෙයක් කරන්න පැකිලෙන්නේ නෑ. ඒ වගේම එයාලාට තේරුම් කරන්න commitment එකකට ඉස්සෙල්ලා ඒකට සූදානම් වෙන එක හොඳයි කියලා. 

ඉතින් ඔයාලාත් දෙමව්පියන් විදියට ඔයාලාගේ දරුවන්ව සාර්ථක විවාහයකට මඟ පෙන්වනවාද? එහෙමත් නැත්නම් විවාහය කියන කාරණාව ගැන ඇහුවත් එයාලාට ඒ ගැන පීඩණයක් ඇති වෙලා ඒ ගැන කතා කරන්නවත් බය වෙන තරමට එයාලාව ඒකෙන් ඈත් කරනවාද? ඒක තීරණය වෙන්නේ මෙම මාතෘකාවේදී දෙමව්පියන් විදියට ඔයාලා හැසිරෙන විදියෙන්. ඒක තීරණය කරන්න පුළුවන් ඔයාලටම විතරයි. ඉතින් දෙමව්පියන් විදියට ඔයාලාට ඔයාලගේ දරුවන්ට ගැලපෙන සහකරුවෙකු/සහකාරියක හොයා ගන්න පහසුම ක්‍රමය තමයි Poruwa.lk කියන්නේ. මොකද මේ ක්‍රමවේදය හරිම පහසුයි වගේම ආරක්ෂිතයි. ඒ වගේම ඔයාලාගේ දරුවන්ට අවශ්‍ය විදියට එයාලට ගැලපෙන කෙනෙක් එයාලටම හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලාත් තාම Poruwa.lk එක try කලේ නැද්ද? එහෙනම් අදම try කරලා බලන්න. 

Related Posts

විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්. විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්. විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේදැයි දැනගන්න. විවාහ යෝජනා, matrimonial සහ Sri Lanka matrimony සම්බන්ධ ප්‍රයෝජනවත් උපදෙස් Poruwa.lk වෙතින්.

විවාහය සඳහා මානසික සහ මූල්‍යමය වශයෙන් සූදානම් වන්නේ කෙසේද?

විවාහය සඳහා සූදානම් වීම යනු ලස්සන මංගල උත්සවයක් සැලසුම් කිරීමට එහා ගොඩක් දේවල් වල එකතුවක් වේ. එය ජීවිත…

ByByPraboda Sandeepani Aug 7, 2026
A Sri Lankan couple planning their future together by budgeting and saving money for marriage, representing financial preparation for marriage proposals in Sri Lanka and guidance from Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා

How to prepare for marriage emotionally and financially

Marriage is a new chapter that requires both emotional readiness and financial stability. Discover practical ways to prepare…

ByByPraboda Sandeepani Aug 6, 2026
A Sri Lankan couple sitting together on a couch in a cozy living room with warm lighting and elegant décor, enjoying a peaceful moment of love, comfort, and companionship. Represents a happy relationship and meaningful future for couples exploring marriage proposals Sri Lanka, mangala yojana, and matrimony Sri Lanka through Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for lanka brides and grooms, srilanka matrimony, buddhist matrimony, catholic marriage proposals, and liyathabara marriage proposals in Sri Lanka.

Why do happy relationships suddenly feel boring?

Many relationships change over time. At the start, both partners are excited to talk to each other. Every…

ByByPraboda Sandeepani Jul 17, 2026
A Sri Lankan couple sitting together on a couch enjoying coffee and sharing an intimate moment, symbolizing love, companionship, and a happy married life after successful marriage proposals Sri Lanka. Represents meaningful connections through mangala yojana, Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for matrimony Sri Lanka, srilanka matrimony, lanka brides and grooms, buddhist matrimony, catholic marriage proposals, and liyathabara marriage proposals in Sri Lanka.

සාර්ථක ලෙස පැවති සබඳතා හදිසියේම එකිනෙකා ගැන ඇති උද්යෝගය අඩු වී බිඳ වැටෙන්නේ ඇයි ?

බොහෝ සබඳතා කාලයත් සමඟ වෙනස් වෙනවා. ආරම්භයේදී, දෙපාර්ශ්වයම එකිනෙකා සමඟ කතා කරන්න උද්යෝගිමත් වෙනවා. සෑම පණිවිඩයක්ම, දුරකථන ඇමතුමක්…

ByByPraboda Sandeepani Jul 16, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top