ආදරය කියන්නේ මේ ලෝකයේ ඇති පිවිතුරුම හැඟීම් වලින් එකක්. ඉතින් ඒ ආදරණීය හැඟීමට වටිනාකමක් දෙන්න. ආදරය කියන කාරණයේදී පිරිමි සහ ගැහැණු ආදරය බලාපොරොත්තු වෙන ආකාරය වෙනස් සහ හැමෝම එක වගේ නැහැ. ඉතින් තමන්ගේ සහකාරිය බලාපොරොත්තු වෙන ආදරය කොයි වගේද කියන එක තේරුම් ගන්න පුළුවන් ඇයගේ සහකරුටම තමයි, මොකද ඔහු තරම් ඇයව දන්න කෙනෙක් නැති නිසා.
කාන්තාවන් ආදරයට හරිම ආදරෙයි වගේම ලෝබයි, ඒ වගේම තමන්ගේ සහකරු වෙනුවෙන් ඔවුන් නොකරන දෙයක් නෑ. කාන්තාවක් ඇත්තටම ආදරය කරන කොට ඇය ඇයගේ ජීවිතයටත් වඩා ඇයගේ සහකරුට ආදරය කරනවා. ඉතින් ඇය ලබා දෙන ආදරයක් වගේම ආදරයක් ඇයට ඔහුගෙන් ලැබෙනවා නම් ඇයට වෙන මුකුත් ඕනේ නෑ. ඒ තමයි කාන්තාවන්ගේ ස්වාභාවය. ඒ නිසාමයි ගොඩක් කාන්තාවන් ඇයට ඔහුගෙන් ලැබෙන ආදරය ටිකෙන් ටික අඩු වෙද්දි ඒ ගැන මැසිවිලි නඟන්නේ. ඇයට ඕනේ එකම දේ සම්බන්ඳතාවය මුල් කාලේ දුන්නා වගේම ආදරයක්, රැකවරණයක්, සොයා බැලීමක් ජීවිත කාලයටම ඔහුගෙන් ඇයට ලැබෙන්න. ඇය හැමවෙලේම ඔහුගෙන් ඉල්ලන්නේ ඇය වෙනුවෙන් කාලය ලබා දෙන්න කියලා. කාන්තාවක් ආදරයේදී බලාපොරොත්තු වුනේම ඒ වගේ සුළු සුළු දේවල්.
කාන්තාවන් ගොඩක් සංවේදී වගේම ගොඩක් ශක්තිමත්. ඇයට තනියම වුනත් තමන්ගේ ජීවිතය ඉස්සරහට අරන් යන්න පුළුවන් නමුත් ඇයට ශක්තියක් වෙන්න සහකරුවෙක් ඉන්නවා නම් ඇයට තව තවත් ජීවිතයේ ඉස්සරහට යන්න පුළුවන්. ඔබ ආදරණීය සහකරුවෙක් විදියට ඇයට අවශ්‍ය ආදරය, රැකවරණය, ඔබේ කාලය ලබා දෙන්න. ඇයට ආදරයෙන් සලකන්න, ඇය දුර්වල වූ විට ශක්තිමත් කරන්න.
ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඔබේ සහකාරියට ඔබ ඉදිරියේ ඇය වෙන්න ඉඩ දෙන්න. ගොඩක් වෙලාවට කාන්තාවන් තමන්ගේ හිතට එන හැමදේම තොරතෝංචියක් නැතුව කියවන්නේ, පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ තමන් ආදරය කරන කෙනා ලඟදී. ඉතින් හොඳ ආදරවන්තයෙක් විදියට ඔයාගේ යුතුකම තමයි ඔයාගේ ලඟදී ඇයට ඇය වෙන්න ඉඩ දෙන එක. ඒ වගේම තමයි ඇයට නීති දාලා හිර කරලා ඇයගේ නිදහස නැති කරන්න එපා. ඔබ හොඳ සහකරුවෙක් නම් ඇයට ඇය වෙන්න ඉඩ දෙන්න, ඇය වෙනුවෙන් කාලය වෙන් කරන්න, ඇයගේ හීන වලට යන්න ශක්තියක් වෙන්න, මහන්සියක් දැණුනු විට ඇයට ශක්තියක් වෙන්න එවිට ඇය ඔබට මුළු ලෝකයක් ලබා දෙයි.
කාන්තාවන් බොහෝවිට දරා ගැනීමේ දක්ෂයෝය. ඔවුන් ජීවිතයේ බොහෝ දේ දරා ගනී. දරා ගැනීමේ උපරියමයටම පැමිණියාමද තව තවත් දරා ගනී. ඔවුන්ගේ මේ දරා ගැනීමේ ශක්තිය නිසාම ඔවුන් ශක්තිමත් යැයි සිතන්න පුළුවන්. ඔවුන් කුඩා කල සිට සියලු දේ දරා ගනී. ගැහැණියක් කියන්නෙම දරාගන්නියක් ඒ වගේම ඇය හැම දෙනාටම ආදරණීය චරිතයක්. බොහෝ කාන්තාවන් සියලු පවුල් ප්‍රශ්න දරාගනිමින් තම පවුලේ සියලු දෙනා ගැන සොයා බලමින් ඔවුන්ට තම හදවතින්ම ආදරය කරයි. ඉතින් එසේ කරන ඇයටද ආදරය අත්‍යවශ්‍ය වේ. සහකරුවෙකු ලෙස ඇයට ඔබේ ආදරය අත්‍යවශ්‍ය වේ, ගොඩක් කාන්තාවන් තම සහකරුගෙන් වෙන වැරදි අඩුපාඩු ගනන් නොගෙන ඔවුන්ට ආදරය කරයි. ඒ සියල්ල ඇය සිඳු කරන්නේ ඔබට ඇති ආදරය නිසාවෙනි. නමුත් මේ දරා ගැනීම වගේම ඇයගේ අත්හැරීමත් ප්‍රබල වේ. ඔබ දිගින් දිගටම වැරදි සිදු කරන විට ඇය බොහෝ වරක් සමාව දෙයි නමුත් ඇයගේ ඉවසීම අවසානයේ ඇය අත්හරින්නේ සඳහටම ය. ඉතින් ඔබත් ආදරණීය සහකරුවෙකු ලෙස ඇයට ආදරය කරන්න, ඇයට අවශ්‍ය රැකවරණය ලබා දෙන්න. ඔබේ ජීවිතය අර්ථවත් කිරීමට පැමිණි ඇයව රැක ගන්න. සහකරුවෙකු ලෙස එය ඔබේ වගකීමයි. බොහෝ ශ්‍රී ලාංකික මංගල යෝජනා සේවාවන් ඔබට ගැලපෙනම සහකරුවෙකු/සහකාරියක සොයා ගැනීමේ මාර්ගය පහසුකොට ඇත, එම මංගල යෝජනා සේවාවන් අතරින් poruwa.lk විශේෂ වන්නේ එහි ඇති විශ්වාසය පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ක්‍රමවේදය නිසා වේ. ඉතින් ඔයත් ඔයාට ගැලපෙනම සහකරු සහකාරිය සොයා ගන්න අදම එන්න www.poruwa.lk එකට.

තමන්ගේ සහකාරියට ආදරණීය සහකරුවෙකු වන්න.
Related Posts
A bride’s journey: From marriage proposal to marriage—Why safety matters
In Sri Lanka, the journey to marriage often begins with excitement, hope, and dreams of a beautiful future.…
මනාලියකගේ විවාහය දක්වා ගමන: මංගල යෝජනාවේ සිට විවාහය දක්වා – ඇයගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු…
ශ්‍රී ලංකාවේදී, විවාහ ගමන බොහෝ විට ආරම්භ වන්නේ උද්යෝගය, බලාපොරොත්තුව සහ ලස්සන අනාගතයක සිහින සමඟිනි. සෑම ගැහැණු ළමයෙකුටම…
Marriage Proposals in Sri Lanka: how families can protect women from abuse
Marriage proposals in Sri Lanka are more than just a meeting of two people, they bring together families,…
The hidden role of men in preventing violence against women in Sri Lanka
Violence against women in Sri Lanka affects families and communities, but men can make a real difference. By…










