• Home
  • Sri Lankan Wedding Guide
  • ඔයත් වෙඩින් එක ගන්න අඩුම මාස තුනකටවත් කලින් මේ ටික කර ගමු. 
Wedding checklist outlining essential tasks and timelines for planning a successful wedding celebration, featured on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a leading wedding proposal website for marriage proposal Sri Lanka, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, poruwa ceremony planning, Buddhist matrimony, Catholic marriage proposals, Lanka brides and grooms, and liyathabara marriage proposals in Sri Lanka.

ඔයත් වෙඩින් එක ගන්න අඩුම මාස තුනකටවත් කලින් මේ ටික කර ගමු. 

වෙඩින් එකක් ගන්නවා කියන එක සුළු දෙයක් කියලා හිතලා කඩිමුඩියේ plan කරන්නද හිතාගෙන ඉන්නේ, ඒක එහෙම කලාම සාර්ථක වෙයි කියලා ඔයා හිතනවාද? ඒක එහෙම වෙන්නේ නෑ, ඒ නිසා කලින්ම මෙන්න මේ දේවල් ටික ලෑස්ති කර ගන්න. 

සෑම දේකටම නිෂ්චිත වෙලාවක් අවශ්‍ය නිසා ඉස්සෙල්ලම දිනයක් වෙන් කරගන්න නැත්නමි ජෝතිෂ්‍ය මහත්මයෙක් මුණගැහිලා වෙඩින් එකට අදාල නැකත් ටික හදාගන්න. 

මංගල නැකැත්

නැකත් ටික හදාගද්දි මේ දේවල් ටික හොදට කියවලා අවබෝදයක් අරගෙන ඒ නැකැත් ටික හදා ගන්න.

1. නැකත් ටික හදාගන්න යනකොට දෙන්නගෙ උපන් වෙලාවල් හරි කේන්දර කොපි දෙක හරි අරන් යන්න එතකොට දෙගොල්ලොන්ටම ලේසියි පහසුයි. 

2. බුලත් අතක් අරන් ගිහින් නැකත් හදන ජ්‍යෝතිශ මහත්තයට ඔයාගේ අවශ්‍ය කරන දේ පැහැදිලිව කියන්න ඒ කියන්නෙ ඔයා වෙඩින් එක ගන්න හිතන් ඉන්නෙ උදේද හවසද කියන එක මොකද මෙතනදි ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්, සමහර මහත්වරැ හවසට නැකත් දෙන්නෙ නෑ ඒක නිසා ඒ ගැන හොයලා බලලා එහෙම ඔයාට අවශ්‍ය දේ කරගන්න පුළුවන් ඔයාට හරියන කෙනෙක් ලඟට ඔයා හොයලා බලලා යන්න. එතකොට ඔයාට ඕනේ දේ රස්තියාදු නොවී කර ගන්න පුළුවන්.

3. විශේෂයෙන්ම නැකත් ගන්නකොට මෙතන තියන කරුණුවලට විතරක් නැකත් ඉල්ල ගන්න නැත්තං හැම සුළු දේකමටම නැකත් ඒක හරිම අපහසුයි. වෙඩින් එකට අවම මාස හතරක් වත් තියන දිනයක් ඉල්ල ගන්න, මොකද එහෙම නොවුනොත් ඔයාලාටමයි කරදර. හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වෙඩින් එකක් කියන්නේ. 

4.පෝරැව සහ ඒ කටයුතු උදේ 9.30 හෝ 10.00 වගේ වෙනටකොට ඉවර කර ගන්න සැලසුම් කරන්න. 

මේ පහත මං සඳහන් කරලා තියන ඒවට විතරක් නැකැත් තිබුනාම ප්‍රමාණවත්

5. දැන් ඔයා දළ වශයෙන් ආරාධනා කරන අමුත්තන් පිරිසක සංඛ්‍යාවක් හදාගන්න, ඒ ලැයිස්තුව හදද්දී අම්මාගේ පාර්ශවය සහ තාත්තාගේ කියන පාර්ශව දෙකම මතක ඇතුව ඇතුලත් කරන්න.

6. අමුත්තන්ගෙන් පෝරැව හෝ පල්ලියට එන අය වෙනමත් උත්සවයට එන අය වෙනමත් ලැයිස්තුව හදාගන්න.

7. උදේම එන අයට තේ ටිකක් වගේම කැවිලි පෙවිලි දෙන ව්දිය ගැනත් හිතන්න.

වෙඩින් සඳහා ඔයාට අවශ්‍ය විදියට ස්ථානයක් වෙන් කරගන්න

මේ දේ මුලින්ම කරනවා නම් ගොඩක් හොඳයි, මොකද ඔයා වෙඩින් එකට තෝර ගන්න තැනත් එක්ක ගොඩක් දේවල් තිරණය වෙනවා.

වෙඩින් එකට ස්ථානය තිරණය කරනකොට සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේවල්

1. කෑම රස තැනක් බලන්න.

2. ඔයා තෝර ගන්න සැලෝන් එකක් බලලනමි එතනට ලඟ තැනක් බලන්න.

3. ෆොටෝ ලොකේෂන් තියෙන තැනක්ම පුලුවන් නම් තවත් ලේසි.

4. එතන වෙඩින් සමිබන්ධව තියෙන රිවිවිස් බලන්න, මොකද එතකොට ඔයාට ඔයාගේ වැඩේ  බයක් සැකක් නැතුව කර ගන්න පුළුවන්.

5. වෙඩින් හෝල් එක ලස්සනට සරසන විදිය සහ එතනට අමුත්තන් කී දෙනෙක්ව දාන්න පුළුවන්ද කියලා බලන්න.

6. තේ මේසයක් සූදානම් කරනවා නම් ඒ දේ කොහොමද කරන්නේ කියලා අහලා බලන්න.

7. තේ මේසයට උණුසුමිව තේ ටිකක් සහ තව ආහාරපාන එකතු කරනවා නම් ඒක ගැනත් අහලා බලන්න.

8. තේ මේසයේ කිරිබත් සහ අනිත් ආහාර වර්ග ගෙදරින් ගේන්න පුලුවන්ද කියල අහගන්න, එහෙමත් නැත්නම් එයාලා ඒ දේවල් ලබා දෙන වෙනත් විදියක් තියනවාද කියල අහලා බලන්න.

9. බුෆේ වේලාව ගැන හරියටම අහගන්න ගොඩක් අය පැය 03ක් වගේ තමයි බුෆේ එක තියන්නෙ.

10. ටේබල් එකට බාර් එකට පිසින බයිටි වර්ග ගේන්න දෙනවද කියන එක හරියට අහගන්න, එහෙමත් නැත්නම් එයාලාගේම සේවාවේ එයාලා ඒ දේවල් සපයනවද කියලා අහලා දැන් ගන්න.

11. අනිවාර්යෙන්ම හදිසි විදුලි විසන්ධි වීමක් හරි වෙන මොකක් හරි හදිස්සි දෙයක් සිදු වුනොත් කල හැකි දේවල් බලන්න.

12. ඔයාලගේ බෑන්ඩි එකට ඩීජේ (DJ) කරන කෙනාට අවශ්‍ය විදුලිය දෙන විදියත් අහල බලන්න.

13. ඔයාලට එතනින් චේන්ජින් රෑම් දෙනවද ඒවාගේ තත්වය බලන්න.

14. බාර් එකේ සහ වෙඩින් ලොකේෂන් එකේ ඉන්න සේවක මණ්ඩලය ගැන ටිකක් බලන්න.

15. වෙඩින් හෝල් එකේ ඔයාට අවශ්‍ය විදියට සැරසිලි කරන විදිය සහ ඒ කටයුතු වෙන විදිය බලන්න.

16. එල්මහන් තැනක් නමි වැස්සකදි කරන්න පුළුවන් දේවල් බලන්න.

17. ඔයාලගේ නෑදෑයන්ට, හිතමිත්‍රයන්ට සහ ආරාධිතයන්ට ලඟ පහසු තැනක් නමි ගොඩක් හොඳයි.

18. පෝරැව සහ නැටුමි කණ්ඩායමි වල අයට චේන්ජින් රෑමි දෙනවද බලන්න නැත්තමි ඔයාලගේ රෑමි එකම දෙන්න වෙනවා එයාලටත්.

19. හොටෙල් එකේ වැඩ ටික සැලසුම් කරන්න ගොඩක් වෙඩින් හෝල් වලින් දැන් කෝඩිනේටර් කෙනෙක් ලැබෙනවා. ඒ ගැනත් අහලා බලන්න.

20. හනිමුල් රෑමි එකක් දෙනවද නැද්ද වගේ දේවල් ගැන අහලා දැනගන්න මොකද ගොඩක් හොටෙල් වල නොමිලේ දෙනවා.

21. පුලුවන්නමි එතන වෙඩින් එකක් යන දවසක ගිහිල්ලා ටිකක් බලන්න.

22. මෙහෙම තැන් කිපයකටම ගිහින් අදහසක් ගන්න.

සැලෝන් එකක් තෝරගමු

1. ඔයා කලින් ගිහින් තියෙන, ඔයාට හොඳටම තක්සේරු කරන්න පුළුවන් සැලෝන් එකක්නමි ගොඩක් හොඳයි.

2. දැන් මනමාලි සහ මනමාලයා දෙන්නවම dress කරන අයත් ඉන්නවා, එහෙම කෙනෙක් තෝර ගන්නවා නම් තවත් හොඳයි.

3. එක සැලෝන් එකක් විතරක් බලලා නිකන් ඉන්න එපා සැලෝන් කීහිපයකටම යන්න.

4. ඔයා තෝරගන්න වෙඩින් හෝල් එකට ඔයාට ලඟ වෙන තරමට ඔයාට වාසියි.

5. ඉස්සෙල්ලම ඔයා ඔයාගේ වෙඩින් එක දවසක්ද දෙකද්ද කරනවද කියල ස්ථිරව කරගන්න, ඊට අමතරව going away එකකට යනවද නැද්ද කියලා තීරණය කර ගන්න.

6. එයාලගෙන් මංගල සාරිය සහ ආභරණ ගන්නවාද කියන එකත් කතා කර ගන්න. 

7. ඊට පස්සෙ එතනින් දෙන සාරි ආභරණ පාවහන් සහ going එකට අන්දන්න එනවනමි ඒ අමතර වියදමි ගැන විස්තර අහගන්න ඒ වියදමි සියල්ල ගැන විස්තර නොටි කරගන්න වොයිස් රෙකොඩින් එකක් දාගන්න.

8. ඒ සැලෝන් එකේ අන්දපු මනාලියන්ගේ විස්තර බලන්න රිවීවි බලන්න.

9. ඔයාගේ ගෘප්එකේ කී දෙනෙක් ඉන්නවද වගේ දේවල් ගැනත් එයාලාට පැහැදිළි කරන්න.

ඡායාරූපකරණ/ විඩීයෝකරණ ශිල්පියෙක් සදහා කෙනෙක් තෝරා ගැනීම

1. මේ දේ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න මොකද මේ වගේ දවසක් එන්නේ ජීවිතේට එකපාරයි, ඒ දේවල් නැවත මතක් කරලා රස විඳින්න පුළුවන් ඡායාරූප සහ වීඩියෝ වලින් විතරයි. 

2. ඡායාරූප ශිල්පියෙක් තෝරා ගද්දිත් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ රිවීව්ස් බලන්න, එතකොට ඔයාට හරියනම තෝරා ගන්න පුළුවන්. 

3. විශේෂම දෙයක් තමයි ඇල්බමි දෙන්න ගන්න කාලය, ඒ දේ ගැන අනිවාර්‍යයෙන් අහලා දැනගෙන තහවුරු කර ගන්න. මොකද සමහර අය ඉන්නවා ළමයි තුන්දෙනෙක් හමිබෙලත් ඇල්බමි හමිබුනු නැති අය.

4. මේ දේදි ඔයාගේ වෙඩින් එකේ theme එක එහෙමත් නැත්නම් තේමාව ගැන එයාලාට පැහැදිලිව කියන්න, ඔයාලා ඔයාගේ ෆොටෝ කොහොමද තියෙන්න ඕනේ, ඒ දේ සිද්ධ වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන පැහැදිලිව එයාලාට කියන්න. ඒ වගේම එයාලා මොනාහරි අලුත් අදහස් තියනවා නම් ඒවාට ඇහුම්කන් දෙන්න. එයාලාට ඔයාලා කියන දේත් ඔයාලාට එයාලා කියන දේත් පැහදිලි වෙලා තියෙන්න ඕනේ, නැත්නම් මේ වැඩේ සාර්ථක නෑ. මේක ඡායරූපකරණය තෝරද්දි විතරක් නෙමෙයි, හැම දෙයකදිම අදාලයි. 

මල් සැරසිලි

1. ඔයාට සහනදායි ඒත් ඔයාගෙ හිතේ තියන මල් සැරසිලි ගැන කථා කරන්න තැන් කිහිපයකටම ගිහින් බලන්න.

2. හැබැයි ඔයා ෆුල් බජටි බලන කෙනෙක් නමි හොටෙල් එක හරහා කථා කරල බලන්න, එතකොට පහසුයි.

3. ඔයාගෙ ලස්සනම දවසෙ ෆොටෝ වගේම හරිම ලස්සනට වෙන්න ඕනි දෙයක් තමයි මල් සැරසිලි එන අමුත්තන් ඇත්තටම රස විඳින දෙයක් මල් සැරසිලි කියන්නේ.

4. ඔයාට නැවුමි මල් එහෙමත් නැත්නම් Artificial මල් හරි තෝරගන්න පුලුවන් හැබැයි කොහොමත් නැවුමි මල් ගන්න එකේ වියදමත් අධිකයි අනික අවධානමකුත් තියනවා නැවුමි මල් ගන්නවනමි හොදට හොයල බලල හොද පළපුරැදු අයම තෝරගන්න.

5. එයාල ඔයාට පොරොන්දුවෙන පෝරැව සෙටිබැක් එක Table decoration වල කරපු design එකක් හරි පොටෝ එකක් හරි තියාගන්න.

6. විශේෂම දේ තමයි එයාල සැරසිලි කරන්න ගන්න කාල පරාසය අහගන්න, සහ ඒ දේ කොහොම වුනත් මුලින්ම පෝරුවේ වැඩ කටයුතු සහ registration කටයුතු මුලින්ම ඉවර කර ගන්න.

7. එලිමහනෙ ගන්නවනමි හදිස්සියෙවත් වැස්සොත් ඒකට දෙවනි සැලසුමක් එයාල එක්කම සැලසුමි කරගන්න.

8. ඔයාලගේ මංගල රථය සරසන එක ගැන කතා කරන එකත් ගොඩක් වැදගත්.

බෑන්ඩි සහ ඩීජේ (DJ)

1. මේ දේත් වෙඩින් එකක ගොඩක් වැදගත් දෙයක්, මොකද වෙඩින් එකට ආපු ආරාධිතයෝ රස විඳින්නේ මේ දේ, ඔවුන්ට අහන් ඉන්න ආස හිතෙන දෙයක් අපි තෝර ගන්න ඕනේ. 

2. බෑන්ඩ් එක සහ DJ එක සන්සන්දනය කලොත් DJ එකට වඩා බෑන්ඩ් එකට යන වියදම වැඩී.

3. ඒ වගේම ඩිජේ එකකයි බෑන්ඩි එකකයි පැහැදිලි වෙනසක් තියන්වා කියන එක අපි කවුරුත් දන්න දෙයක්. 

4. අනිවාර්යෙන් බෑන්ඩි එකක් ගන්නවනමි කලින් එයාලා කරපු වෙඩින් සහ අනෙකුත් උත්සව අවස්ථා බලන්න ඕනේ. 

5. ඔයා මොන දේ තේරුවත් ඔයාට අවශ්‍ය සිංදු ලිස්ටි එකක් තියනවා නමි ඒක කලින්ම දෙන්න.

6. උත්සවය මැද නැටුමි තියනවා නමි ඒවට අවශ්‍ය සිංදු වාදනය කරගන්න විදියක් කලින්ම අහල බලන්න, ඒ වගේම ඒකට අවශ්‍ය සිංදුත් එයාලාට කලින්ම දැනුම් දීලා තියන්න.

7. අනිවාර්යෙන් මයික් එෆ්එමි එහෙම එයාලා භාවිතා කරනවා නමි ගොඩක් හොදයි ගන්න පුලුවන්ද කියල අහන්න මොකද වෙඩින් මැද හදිස්සි පණිවිඩයක් දෙන්න මංගල සභාවට එහෙම ගොඩක් ලේසියි.

8. කිප දෙනෙක්ම බලල හොඳ කෙනෙක් ගැන අදහසක් අරගන්න

මේ දේවල් තමයි ඔයා වෙඩින් එකක් සැලසුම් කරද්දි අවධානය යොමු කරන්න ඕනේ දේවල්.

Related Posts

A photographer capturing a Kerala wedding ceremony featuring a bride and groom in traditional attire, surrounded by vibrant floral decorations, cultural rituals, and a beautifully arranged wedding setting.

The Poruwa: A Symbol of purity and honour

A Sri Lankan wedding ceremony is a beautiful celebration filled with cultural traditions, meaningful rituals, and joyful moments.…

ByByPraboda Sandeepani Jul 24, 2026
A diverse group of people seated around a table, collaboratively playing various drums in a rhythmic and engaging setting, symbolizing unity, teamwork, cultural harmony, and shared celebration. The image reflects traditional and cultural practices often associated with Sri Lankan rituals and community gatherings, including wedding traditions and mangala yojana ceremonies. It represents marriage proposal sri lanka, marriage proposals in sri lanka, marriage proposals sri lanka, marriage proposals, matrimony sri lanka, and srilanka matrimony. The concept also aligns with poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, the traditional poruwa ceremony, and modern matchmaking platforms such as lankamatrimony, liyathabara marriage proposal, liyathabara marriage proposals in sri lanka, catholic marriage proposals, buddhist matrimony, hitad marriage proposals, purahanda lk, and lanka brides and grooms seeking meaningful and lifelong partnerships.

විවාහයකට පෙර සිඳුවෙන පිරිත් සජ්ජායනා කිරීමේ චාරිත්‍රය ගැන හරියටම දැනගමු.

ශ්‍රී ලාංකික විවාහයන්ට පෙර සහ පසුව විවිධ ආකාරයේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනු ලබයි. ඒවා බොහෝමයක් අතීතයේ සිට පැවත…

ByByPraboda Sandeepani Jun 26, 2026
Pre-Wedding Pirith Chanting Ceremony in Sri Lanka: Meaning, Traditions, and Rituals Explained | Wedding Guide

Let’s accurately understand the pre-wedding pirith chanting ceremony

The pre-wedding Pirith chanting ceremony is one of the most meaningful Buddhist traditions in Sri Lankan weddings. Performed…

ByByPraboda Sandeepani Jun 25, 2026
Bride and groom captured during a wedding photoshoot, highlighting professional wedding photography in Sri Lankan matrimony and srilanka matrimony traditions, marriage proposal Sri Lanka, marriage proposals in Sri Lanka, marriage proposals Sri Lanka, mangala yojana, wedding proposal website services, poruwa ceremony, buddhist matrimony, catholic marriage proposals, Lanka brides and grooms, and platforms like Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, liyathabara marriage proposal, hitad marriage proposals, and purahanda lk.

Don’t miss these points when choosing a wedding photographer for your wedding.

All of us plan the most beautiful day of our lives with great love, and we spend a…

ByByPraboda Sandeepani May 29, 2026
Scroll to Top