Illustration of a radiant yellow sun with a face, surrounded by patterns. A bird perches on a branch under "Aluth Avurudda" text on a dark background for Sri Lankan New Year

සිංහල අලුත් අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයන් විසින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් විසිනුදු සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයෝ ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත.එ දින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.

සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ. තවද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන මතයක් ද තිබේ.

නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්

පැරැණි සිංහල ලංකාවේ අලුත් අවුරුද්ද ේ සැමරීමේ දී භාවිතා කර ඇත්තේ සිංහල අලුත් අවුරුදු යන යෙදුම පමණි. නමුත් මෑත ඉතිහාසයේ දී මෙම සිංහල අවුරුදු යන යෙදුමටත් දෙමළ අවුරුද්දත් බලයෙන් යොදවා ඇත. හුදෙක් ම දකුණු ඉන්දියානු සූර්‍ය මංගල්‍යය ෙන්ම ශ්‍රී ලාංකික දෙමළ වැසියන් සැමරීම මෙම සිංහල දෙමළ අවුරුද්ද වූවාට සැක නැත. නමුත් ඇත්ත වශයෙන්ම දේශපාලකයන්ගේ ජනතාව ගොනාටැන්ඳීමේ අරමුණු මත වර්තමානයේ සමරන්නේ සිංහල දෙමළ අවුරුද්දකි.

Related Posts

Elegant wedding table set with a variety of food dishes and a vibrant floral centerpiece, showcasing luxury Sri Lankan wedding receptions featured on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for mangala yojana, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, poruwa ceremony celebrations, Lanka brides and grooms, Buddhist matrimony, and Catholic marriage proposals.

විවාහ මංගල උත්සවයක පෝරුවේ චාරිත්‍ර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පෝරුව චාරිත්‍ර කිරීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙහිදී Download කර ගන්න.

ByByPraboda Sandeepani May 8, 2026
Scroll to Top