• Home
  • Interviews
  • An interview with Keith Rogers Isaacs, General Manager of Grandeeza Hotel
Grandeza Hotel & Spa in Kochi, a luxury destination for matrimony Sri Lanka weddings, Poruwa ceremony celebrations, and marriage proposals in Sri Lanka featured on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, wedding proposal website, lanka brides and grooms, lankamatrimony, and Buddhist matrimony platforms.

An interview with Keith Rogers Isaacs, General Manager of Grandeeza Hotel

1. Hotel Grandeeza හි මූලාරම්භය කෙසේද? එය මුලින් ආරම්භ කල ආකාරය සහ එය ආරම්භ කිරීමට ප්‍රධාන දැක්ම කුමක්ද?

Luxurious Hotel Grandeeza 2015 වර්ෂයේදී ආරම්භ කළා, විශේෂ සංස්කරණ ගෘහනිර්මාණ ශිල්පය, පුළුල් අවකාශ සහ සිත්ගන්නාසුළු සේවය මධ්‍යම මිලකට ලබා දීලා ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර කර්මාන්තය නැවත අර්ථ දක්වන්න අපිට පැහැදිලි දෘෂ්ටියක් තිබුණා. ආරම්භයේ සිටම, කලපුවක් අසල ඊට අනුගතව හෝටලය නිර්මාණය කරනු ලැබුවේ ඕනෑම සමරුමක් සඳහා අනර්ඝ අන්තර්ගතය පොහොසත් අත්දැකීමක් හැමෝටම ලබා දෙන්න. 2017 වර්ෂයේදී, hotel එකේ මෙම අධ්‍යක්ෂණය හා නිර්මාණ ශිල්පීය විශිෂ්ටතාවය ජාතික තලයේදී පිළිගැනීමට ලක් වුණා, ජාතික වශයෙන් සුඛෝපභෝගී ගෘහනිර්මාණ ශිල්පීය සහිත නිර්මාණාත්මක hotel එකක් ලෙස නම් කරනු ලැබුවා. මෙම වසරවලදී, සුඛෝපභෝගීත්වය අතිරික්තයේ නෙමෙයි, අත්දැකීමේ නිවැරදි අවබෝධය මත පදනම් වෙලා විවාහ හා විශේෂ උත්සව වලට ඉතා හොඳ උදාහරණයක් ලෙස Hotel Grandeeza පත් වුණා.

Bride and groom in elegant wedding attire standing in front of a luxury venue, perfect for matrimony Sri Lanka weddings, Poruwa ceremony celebrations, and marriage proposals in Sri Lanka for lanka brides and grooms.

2. මෙම hotel එක විවාහ සහ විශේෂ උත්සව සඳහා ලබා දෙන සේවා සහ පහසුකම් මොනවාද?

Hotel Grandeeza, විශේෂයෙන් විවාහ සහ විශාල උත්සව සඳහා නිර්මාණය කරලා තියෙන්නේ සහ මේකේ තියන ලොකු ඉඩකඩ මේකට එක හේතුවක් වෙනවා. මේකේ තියන විශාල භෝජන ශාලාවේ එකවර අමුත්තන් 1000 කට වැඩි පිරිසකට රැඳී සිටින්න අවස්ථාව තියනවා. ඒ වගේම, අපේ කලපුව ආශ්‍රිත අලංකාර උද්‍යානය එක්ක බැඳුණු පරිසරය, සංස්කෘතික හා නවීන දේවල් පිළිබිඹු කරන නිසා hotel එකේ ඇතුලත වගේම පිටතත් උත්සව පවත්වන්න පුළුවන්. අපේ hotel එකේ guest rooms 40ක් තියනවා වගේම, විවාහ වෙන යුවලකට විතරක් නෙමෙයි ඔවුන්ගේ අමුත්තන්ටත් පහසුකම් ලබා දෙනවා. 2017 වර්ෂයේදී, අපේ උත්සව සත්කාර සේවාවල විශිෂ්ටතාවය වටිනාකමින් යුතුව පිළිගැනීමට ලක් වුණා, හෝටලය කලාපීය වශයෙන් හොඳම භෝජන සහ උත්සව පැවැත්වීමට හෝටලය ලෙස ත්‍යාගයකුත් හම්බුනා.

3. ජීවිතයේ වැදගත්ම දිනය වන විවාහ දිනය සැමරීමට Grandeeza hotel එක ඔවුන් තෝරා ගත්විට ඔබ විසින් ඔවුන්ට ලබා දෙන සහයෝගය කෙසේද?

A grand illuminated mansion at night with elegant lighting and guests gathered on the steps, showcasing a luxury venue ideal for matrimony Sri Lanka weddings, Poruwa ceremony celebrations, marriage proposals in Sri Lanka, and lanka brides and grooms events.

විවාහයක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම සංකේතාත්මක දිනයක්. අපගේ Event planning කණ්ඩායම, යම් කෙනෙක් hotel එක වෙත පැමිණෙන මුල් අවස්තාවේදීම ඒ පැමිණෙන අය එක්ක සාකච්ඡා කරලා සමීපව කටයුතු කරනවා. අපේ අලංකාර කරලා තියන hotel එක ඇතුල හෝ අපේ කලපුව ආශ්‍රිත වටපිටාවේදී සැලසුම් කරන එක, පිරිසැලසුම්, උත්සවයක් සඳහා ආහාර මෙනුව තෝරා ගන්න එක සහ උත්සව සැලසුම් කරන්න පුද්ගලීකරණය කරලා තියන මඟ පෙන්වීමක් අපේ හෝටල් කාර්‍ය මන්ඩලය විසින් ලබා දෙනවා. ඒ වගේම, විවාහය සැලසුම් කරන යුවලගේ පවුලේ අය වගේම ඔවුන්ගේ සමීපතමයන්ගේ සුවපහසුව සහතික කරන්න හෝටලයේ නවාතැන් සැලසුම් කරන්නත් අපි සහාය ලබා දෙනවා.

4. Grandeeza hotel එක විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවලක් තම විශේෂම දිනය සැමරීමට තෝරා ගැනීමේදී, ඔබේ කාර්‍ය මණ්ඩලය විසින් ඔවුන්ට ලබා දෙන සහයෝගය කෙසේද?

අලංකාර ලෙස කලපුවක් අසල සාදා ඇති නිසා මෙන්ම හෝටල් කාර්‍ය මණ්ඩලය විසින් ලබා දෙන සහයෝගය ද ඔවුන් නොඅඩුව ලබා දෙන නිසා මෙම හෝටලය ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රසිද්ධ තැනක් ගනී. හෝටලයක් තුල තියෙන්න අවශ්‍ය ගෘහනිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වය, සිත් ඇදගන්නාසුළු පරිසරය සහ පළපුරුදු උත්සව කළමනාකරණය ඒකාබද්ධ කරන විට, එය විවාහය සැලසුම් කරන යුවල් සහ ඔවුන්ගේ පවුල් සඳහා සිත් ඇඳගන්නාසුළු ලෙස නිර්මාණය කරලා තියනවා. Grandeeza hotel එකේ, නිර්මාණය, ලබා දෙන සේවය සහ නිර්මාණය කරලා තියන පරිසරය අතර සුසංයෝගය ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙලා තියනවා වගේම, ලෝක සුඛෝපභෝගී හෝටල් සම්මාන දිනාගත්ත අපේ ප්‍රතිඥාව ලෝකයේම ප්‍රමාණවත් උත්සව අත්දැකීම් ලබා දෙන්න අප කරන ප්‍රතිඥාව අවධාරණය කරනවා.

5. Grandeeza hotel එක තුල මෙතෙක් පවත්වා ඇති විවාහ මංගල උත්සව හෝ විශේෂ උත්සව සංඛ්‍යාව කීයක්ද? එම සිදුවීම් අතරින් ඔබේ සිත් ගත් විශේෂ සිදුවීමක් තිබේද?

2015 වර්ෂයේ විවෘත වීමේ ඉඳලා, Grandeeza hotel එක වසර ගණනාවක් පුරාවට විවාහ 5500 කට වැඩි සංඛ්‍යාවක් සහ විශිෂ්ට ලෙස උත්සව පවත්වලා තියනවා. ඒ සෑම එකක්ම අපේ සේවා සපයන පවුල්වල පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් සිඳු කරලා තියනවා. ගොඩක් මතකයේ රැඳෙන විවාහ මංගල උත්සව අතරින් වැඩිපුරම ඒවා නම් කලපුව අසල පවත්වන ලද උත්සව, අලංකාර භෝජන පිළිගැනීම් සහ අමුත්තන් සඳහා රාත්‍රී නවාතැන් ඇතුළුව සියලුම ආකාරයේ උත්සව, මොකද ඒ හැම උත්සවයක්ම අපිට ගොඩක් විශේෂයි. මෙම අත්දැකීම් අපේ ගමන හැඩගස්වලා තියනවා වගේම, Grandeeza hotel එක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවාහ මංගල උත්සව ශාලාවක් විදියට පිළිගැනීමට දායක වෙලා තියනවා.

A group of people in formal attire gathered outdoors for a wedding ceremony near a modern glass building under a floral arch, representing matrimony Sri Lanka celebrations, Poruwa ceremony traditions, marriage proposals in Sri Lanka, and lanka brides and grooms events.

6. Grandeeza hotel එක තෝරාගෙන ඔවුන්ගේ විවාහය සැලසුම් කරන යුවල් සඳහා ඔබේ උපදෙස් මොනවාද? ඔවුන්ට සෘජුවම ඔබව සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද?

විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න couple සඳහා මගේ උපදෙස නම්, තමන්ගේ ජීවිතයේ වැදගත්ම දවස සැලසුම් කරනකොට විවාහ මංගල උත්සවයක් තෝරා ගැනීමේදී එම විවාහ මංගල උත්සවය පිටත අලංකාරය විතරක් නෙමෙයි, ඒ කාර්‍ය මණ්ඩලයට තියන පළපුරුද්ද. වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. විවාහ මංගල උත්සවයක් පවත්වන්න ස්ථානයක් තෝරා ගද්දි විශ්වාසදායකබව තියන ස්ථානයක් වෙන්නත් ඕනේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව යම්කිසි වෙනස් කිරීම් කිරීමට හැකි වෙන්න ඕනේ අතරම නිරන්තර ගුණාත්මකභාවයක් හැම සේවාවක්ම ලබා දෙද්දි ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. Grandeeza hotel එක වෙත පැමිණෙන යුවලයන් වෙත ගුණාත්මක සේවාවක් ලබා දෙන්න අපි හැම තිස්සේම උත්සාහ කරනවා. අපෙන් සේවාව ගන්න එන ඕනෑම කෙනෙක් එක්ක හැම දෙයකම සාකච්ඡා කරලා නිවරැදිව එයාලාව තේරුම් අරගෙන තමයි හැම කාර්‍යයක්ම සිඳු කරන්නේ.

7. Poruwa.lk විවාහ යෝජනා සේවය ගැන ඔබේ අදහස කුමක්ද? Poruwa.lk පාරිභෝගිකයන් සඳහා ඔබ ලබා දෙන විශේෂ දීමනාව හෝ වාසි කෙටියෙන් විස්තර කරන්න.

Poruwa.lk කියන online මංගල යෝජනා සේවාව කියන්නේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉතාම පහසුවෙන්ම තමන්ට ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් සොයා ගන්න සහයෝගය ලබා දෙන ශ්‍රී ලාංකික මංගල යෝජනා සේවාවක්. Poruwa.lk එකෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන ඒ සහය අපි ගොඩක් අඟය කරනවා.

ඒ වගේම Poruwa.lk මංගල යෝජනා සේවාවත් එක්ක එකතු වෙලා අපිට මේ විදියට වැඩ කරන්න ලැබීම අපි ගොඩක් සතුටු වෙන කාරණාවක්. මෙතනදී කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි, Poruwa.lk එකෙන් අප වෙත එන පාරිභෝගිකයන්ට අපි ව්ශේෂ දීමනා ලබා දෙනවා, ඒ වගේම තමයි අපි කැමති ඔවුන්ට විවාහ මංගල උත්සව සඳහා 15%ක වට්ටමක් ලබා දෙන්න, ඒ වට්ටම අවසාන වෙන දිනයක් නෑ, ඒ වගේමයි ඒකට කොන්දේසි සහිතයි.

8. ඔබේ මෙම සාර්ථක ගමන් පිටුපස ඔබට සහාය වූ අය අතර, ඔබ වඩාත් ස්තූතිවන්ත වෙන්නේ කාටද?

Grandeeza hotel එකේ මෙම සාර්ථක ගමන පිටිපස්සේ ඉන්නේ අපේ නිර්මාතෘ සහ සභාපති, මියගිය ආචාර්ය Mr. Dunstan Goluhewa. ඔහු Grandeeza hotel එකේ ශ්‍රී ලංකාවේ උත්සව සත්කාරකත්වය නැවත අර්ථ දැක්වීමට අපේක්ෂා කළ කෙනෙක්. ගෘහනිර්මාණ ශිල්පීය විචිත්‍රත්වය, පුළුල් අවකාශ සහ සිත්ගන්නාසුළු සේවය එකතු කරලා අමතක නොවන මතක ගොඩක් නිර්මාණය කරන්න පුළුවන් ස්ථානයක් විදියට් ඔහු මෙම hotel එක හිතේ මවාගෙන තිබුනා. ඔහුගේ පෙරදැක්ම, සහ ප්‍රතිඥාව අද හෝටලය පිහිටා තියන පදනම නිර්මාණය කරලා තියනවා වගේම, ඔහුගේ දෘෂ්ටිය අප කරන සෑම දෙයකම අපට මඟ පෙන්වනවා.

අපි ඒ වගේම කෘතඥතාවයෙන් ඉන්නේ, මෙම උරුමය ආරම්භකත්වයෙන් හා අරමුණින් ඉදිරියට ගෙන යන අපේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය Mr. Dishan Goluhewaටය. ඔහුගේ නායකත්වය යටතේ, Grandeeza නවීන සංකල්ප, නවෝත්පාදන උපාය මාර්ග සහ නවීන සේවා ප්‍රමිතීන් අවබෝධ කර ගෙන තියනවා. ඔහුගේ ඉදිරිදර්ශී ප්‍රවේශය හෝටලය අඛණ්ඩව සාර්ථක ලෙස ගෙන යාමට අවස්ථාව ලබලා දීලා තියනවා.

නායකත්වයෙන් එහාට, මම අපේ කළමනාකරණ කණ්ඩායම, ඒ වගේම අවුරුදු ගාණක් පුරාවට සේවය කරන අපේ කාර්‍ය මණඩලයට සහ උත්සව සම්බන්ධීකරණය කරන අයට මගේ සිතැගි කෘතඥතාවය පුදකරනවා.අපගේ විශ්වාසදායක හවුල්කරුවන්, සහ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ටද කෘතඥ වෙනවා. වඩාත් වැදගත් වශයෙන්ම, Grandeeza hotel එක ගැන විශ්වාසය තියලා ඔවුන්ගේ වැදගත්ම අවස්ථා පැවැත්වීමට තීරණය කල විවාහ වීමට බලා

Elegant floral wedding arch decorated with white flowers by a lakeside, creating a romantic setting for matrimony Sri Lanka weddings, Poruwa ceremony celebrations, marriage proposals in Sri Lanka, and lanka brides and grooms events.

Related Posts

Collage showcasing elegant and creative wedding cake designs for luxury weddings, marriage celebrations, and poruwa ceremony traditions in Sri Lanka, featured on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for mangala yojana, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, Lanka brides and grooms, Buddhist matrimony, and Catholic marriage proposals.

An Interview with the owner of Sugar Frill Cake Shop – ‍Mrs. Ann Helan Orancy…

Read the inspiring story of a talented cake designer and her journey of turning passion into a successful…

ByByPraboda Sandeepani Mar 5, 2026
Professional bridal makeup artist applying makeup to a bride in a bright studio, showcasing elegance and beauty in Sri Lanka matrimony, Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, mangala yojana traditions, marriage proposals Sri Lanka, wedding proposal website culture, poruwa ceremony styling, and Lanka brides and grooms.

An interview with Hashini Peiris – The owner of Talia Beauty Salon

Step into the inspiring journey of Hashini Peiris, the creator behind Talia Beauty Salon. In this interview, she…

ByByPraboda Sandeepani Dec 4, 2025
A collage of three wedding photos: a bride and groom by a tree, a smiling couple indoors, and a bride and groom sharing a tender moment, representing SriLanka matrimony and LankaMatrimony. The images highlight marriage proposals Sri Lanka, Liyathabara marriage proposal options, Catholic marriage proposals, Hitad marriage proposals, and the journey of Lanka brides and grooms through Poruwa ceremony traditions on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා.

An interview with the owner of The Eventress – Romain Liyanage

In this interview, wedding planner Romain Liyanage, the founder of The Eventress, shares her inspiring journey from secretary…

ByByPraboda Sandeepani Oct 31, 2025
A collage featuring a bride and groom alongside their dog, capturing joyful moments from their wedding day, highlighting SriLanka matrimony and matrimony Sri Lanka, celebrating marriage proposals Sri Lanka, and the beauty of a traditional Poruwa ceremony.

An interview with Kumara Gamhewage – The owner of The Lakeside Gampaha

Kumara Gamhewage’s journey from IT entrepreneur to the creator of \”The Lakeside Gampaha\” is a story of vision,…

ByByPraboda Sandeepani Sep 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top